විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලටමිලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා

-

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලටමිලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

ඉරිදා මවුබිම පුවත්පත සමග ඇමතිවරයා අදහස් පල කර ඇත්තේ මෙසේය.

විමල් වීරවංශ මන්ත්‍රිතුමා මොණර කොළ ගැන කතා කළා. මුදල් ලබාදී මන්ත්‍රිවරුන්ව ඩැහැගත්ත බව කිව්වා. ඔබත් ඉන්නේ ඒ මතයේද?

සහතිකවම අපිත් ඒ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ළඟ මුදල් අරගෙන තමන්ගේ මතය වෙනස් කරගත්ත මන්ත්‍රිවරුන්ගේ නම් තිබෙනවා. ලබාගත් මුදල ගැන අප දන්නවා.

ඉතිං ඒ ගැන රටට කියන්නේ නැත්තේ ඇයි?

අවශ්‍ය වෙලාවට කියන්නම්. පැහැදිලිව ඒ සාක්ෂි අප සතුව තිබෙනවා.

ලොකුම ගාණ කීයද?

කෝටි 4-5වගේ ගණන් ඒ අතර තිබෙනවා. කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට ඒ ගැන කිව්වා. ණය තුරුස් ටිකක් බේරගන්න ඒක උපකාරි වුණා කිව්වා.

කවුද මේ වගේ සල්ලි දෙන්න ඉදිරිපත් වුණ අය. ව්‍යාපාරිකයෝද?

මම දන්නේ නැහැ. නමුත් හොයනවා. සමහර විට බැඳුම්කර කට්ටිය ඉන්නත් පුළුවන්.

ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරන පිරිසකුත් විශ්වාසභංගය පරදවන්න අනියමාර්ථයෙන් උදවු කළා. ඒ අයත් සල්ලි ගත්තද?

ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපේ අයට ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. මේ විශ්වාසභංගයට උදවු කරලා ඇමැතිකම් දරන්නේ කොහොමද කියලා ඔවුන් ප්‍රශ්න කළා. ඒ වගේම විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් යහපත් ස්ථාවරයක සිටිනවා. ඒ ඇමැතිවරු මේ මගඩි අනුමත කරන්නේ නැහැ.

– mawbima

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

11 COMMENTS

  1. You actually make it appear really easy together with your
    presentation however I in finding this matter to
    be actually something which I believe I’d by no means understand.
    It seems too complex and extremely extensive for
    me. I am looking forward on your next post, I’ll try to get the dangle of it! https://imoodle.win/wiki/User:Enshaa233

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here