ඉන්දියාව කළඹන සමූහ දූෂණයට ලක්ව ඝාතනය වූ අට හැවිරිදි අසීෆා දැරිය

ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීම ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට හේතු වී තිබේ.

මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවිය.

එහෙත් ඇය දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම විරෝධය පළකිරීමත් සමගය.

ඒ සමගම ජම්මු කාශ්මීරයේ හින්දු සහ මුස්ලිම් භක්තිකයන් අතර මතුවෙමින් පවතින උණුසුම හේතුවෙන් අපරාධය සම්බන්ධ පරීක්ෂණවලට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රීනගර්හි ස්වාධීන මාධ්‍යවේදියෙකු වන සමීර් යසීර් පවසයි.

ජනවාරි මස 17 උදෑසන මුහම්මද් යූසුෆ් පුජ්වාලා ‘කතුවා’ නගරයෙහි පිහිටි සිය නිවස ඉදිරිපිට අසුන් ගෙන සිටින විට ඔහුගේ අසල්වාසියෙකු ඉතා කලබලයෙන් දිව එනු දුටුවේය. යූසුෆ් ඉදිරියේ නැවතුන අසල්වැසියා පැවසුවේ, යූසුෆ්ගේ අට හැවිදිරි දියණිය අසීෆා බානෝගේ සිරුර මීටර් සියයකට පමණ එපිටින් පිහිටි පඳුරක් අසල වැටී තිබෙන බවය.

“මම දැනගත්තා මගේ දරුවාට කුමක් හෝ විපතක් සිදු වෙලා කියලා,” ශෝකයෙන් බර වී ගිලුණු දෑස් සහිතව සිටි යූසුෆ් බීබීසීය සමග පැවසීය. මේ අතරතුර ඔහුගේ බිරිඳ නසීමා බීබී නොනවත්වා හඬමින් “අසීෆා” යැයි මුමුණමින් සිටියාය.

People are angry over the brutal rape and murder of Asifa BanoImage copyrightEPA

ස්ථීර පදිංචියක් නැතිව හිමාලයේ ජීවත් වන ‘ගුජ්ජාස්’ නම් මුස්ලිම් එඬේර ජන සමූහයකට අයත් යූසුෆ්, එළුවන් සහ මී හරක් රැක බලා ගනිමින් දිවි ගෙවන්නෙකි.

අසීෆාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙක් ද සිටිති. ඔවුන් සියලු දෙනාම හින්දු භක්තිකයෝය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ‘ජම්මු’ හින්දු භක්තිකයන් විරෝධතා ආරම්භ කර තිබේ.

පාලක භාරතීය ජනතා පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු ද එවැනි එක් උද්ඝෝෂණ රැලියකට එක්වීම ගැන බරපතල කෝපය පළවෙමින් තිබේ. භාරතීය ජනතා පක්ෂය, ප්‍රාදේශීය ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්ව ප්‍රාන්තයේ පාලන බලය හොබවයි.

ඒ සමගම දැරිය ඝාතනය කිරීම පිළිබඳ පමණක් නොව, චුදිතයන්ට සහාය දැක්වීමේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ද දැඩි කෝපය පළකරමින් #Kathua සහ #justiceforAsifa හෑෂ්ටෑග යොදාගනිමින් ට්විටර් ජාලය ඔස්සේ බොහෝ දෙනා අදහස් පළකරති.

ප්‍රාන්තයේ මහ ඇමති මෙහ්බූබා මුෆ්ටි පරීක්ෂණයක් පවත්වන මෙන් පොලිස් අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ අසීෆාගේ දේහය හමුවීමෙන් දින හයකට පසුව ජනවාරි 23 වෙනි දිනය.

පරීක්ෂකයන් පවසන අන්දමට ඇය දින කිහිපයක් ප්‍රදේශයේ කෝවිලක රඳවාගෙන “දින ගණනාවක් දූෂණය කර, වධ දී අවසානයේ මරා දමා” තිබේ.

මුලින්ම ඇයගේ ගෙල සිර කර මරා දමා තිබෙන අතර ඉන් අනතුරුව ගලකින් දෙවතාවක් හිසට පහර දී තිබුණි.

BBC SINHALA

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img