ඩ්‍රෝන යානා මගින් අන්තර්ජාල පහසුකම් සැලැසුම ෆේස්බුක් සමාගම අත්හැර දමයි

ඉහළ අහසේ පියාසර කරන ඩ්‍රෝන යානා මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට තමන් කළ සැලැසුම අත්හැර දැමීමට තීරණය කර ඇති බව ෆේස්බුක් සමාගම තහවුරු කර තිබේ.

අකීලා ව්‍යාපෘතිය 2014 වසරේදී ප්‍රකාශයට පත්කළ නමුත්, ගූගල් ඇතුළු තරගකාරී ආයතනයන් වාර්තා කළ දිගු පියාසර කාලයට ළඟාවීමට නොහැකි වීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට අපොහොසත් විය.

එසේම, පරීක්ෂණ චාරිකාවක් අවසානයේ නැවත ගොඩබෑමෙදී යානයේ පියාපත් බිදීයාමකට ද ලක්විය.

විකල්පයක් ලෙස එයාබස් වැනි වෙනත් සමාගම් සමග එක්ව, වැඩි පිරිසකට අන්තර්ජාල පහසුකම් ලබාදීමේ තම සැලැසුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ෆේස්බුක් සමාගම අඟහරුවාදා (26) ප්‍රකාශ කළේය.

ඒ අනුව අකීලා තාක්ෂණය ගොඩනැගීම සඳහා එක්සත් රාජධානියේ බ්‍රිජ්වොටර් ප්‍රදේශයේ පිහිටා තිබූ ව්‍යාපෘති මධ්‍යස්ථානය අත්හැර දමනු ඇත.

“ඉහළ ආකාශයේ පියාසර කළ හැකි අන්දමේ ගුවන් යානා සැලැසුම් කිරීම සහ ඉදිකිරීමට අවශ්‍ය මෙම තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට, ගුවන් අවකාශයේ ඉදිරියෙන්ම සිටින සමාගම් පවා ඉදිරිපත් වනු දැකීම දිරි ගන්වන සුළුයි,” ෆේස්බුක් සමාගමේ ඉංජිනේරු අධ්‍යක්ෂක යේල් මගියුරි (Yael Maguire) බ්ලොග් සටහනක් තබමින් පවසයි.

“මෙම ප්‍රවණතාව සලකා බැලීමෙන් පසුව, තවදුරටත් ගුවන්යානා සැලැසුම් හා ඉදිකිරීම් නොකිරීමට අප තීරණය කළා”

අකීලා ගුවන් යානයක පියාපත් විහිදීම, බෝයිං 737 යානයකට සමානවන අතර, එහි බර සාමාන්‍ය මෝටර් රථයකට සමානවේ. දිවා කාලයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මකවන යානය රාත්‍රියේදී බැටරි බලයෙන් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබිණි.

එහි පරීක්ෂණ ගුවන් ගමන විනාඩි අනූවකට සීමා විය.

කෙසේවුවද, ෆේස්බුක් උත්සාහය ද ගූගල් ලූන් ව්‍යාපෘතිය මෙන් එතරම් සාර්ථක වූවක් නොවීය. ගූගල් ලූන් ව්‍යාපෘතියේ අදහස වූයේ ද, ඉහළ අහසට යැවෙන බැලූන මගින් අන්තර්ජාල පහසුකම සැපයීමය.

GoogleImage copyrightGOOGLE
Image captionගූගල් ලූන්

මේ වන විට ගූගල් ලූන් බැලූන සැතපුම් මිලියන 15 ක් ඉක්මවා ඉහළ අහසේ පරීක්ෂණ වාර සඳහා පියාසර කර ඇති බව සමාගම පවසයි. එක් පරීක්ෂණ චාරිකාවකදී එය දින 190 කට ආසන්න කාලයක් ඉහළ අහසේ පියාසර කිරීමට සමත්විය.

ගූගල් ලූන් බැලූන එක් පරීක්ෂණ ගුවන්ගත කිරීමක් ශ්‍රී ලංකාවේද සිදුකළ නමුත් එය අසාර්ථක විය.

BBC SINHALA

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img