රවි කරුණානායකට එරෙහි පරීක්ෂණය “අත්හිටුවන්න” – අධිකරණය

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලට අදාළව රහස් පොලීසිය විසින් කළ ඉල්ලිම පරිදි සිය අධිකරණය මගින් ලබා දූන් සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේය.

ඉකුත් 14 වනදා රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධ පරීක්ෂණයට අදාළ ව නියෝග කීපයක් නිකුත් කර තිබුණි.

සිකුරාදා (සැප්තැම්බර් 21) මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ GlobalTransportation and Logistic සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, මෙම පරීක්ෂණයට අදාළව රහස් පොලිසිය ඉල්ලා තිබෙන නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළේය.

GlobalTransportation and Logistic පරීක්ෂණයට භාජනය වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට අයත් සමාගමක් බව පැවසේ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතට අනුව නීතිපතිවරයාට නඩු පැවරීමට බලය පැවරී ඇත්තේ එම කොමිසම හමුවේ අනාවරණය වූ කරුණක් සම්බන්ධයෙන් පමණක් බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා මෙම පරීක්ෂණයට අදාළ නියෝග ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් නොව ඊට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් වන බැවින් එවැනි නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් පැවසීය.

එබැවින් අදාළ නියෝග අත්හිටුවන මෙන් ද ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බැඳුම්කර කොමිෂන් වාර්තාව

එහෙත් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම සඳහන් කළේ මෙවැනි පරීක්ෂණ සඳහා නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලය පවතින බවය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක, ජනාධිපති නීතිඥවරයා මතු කළ කරුණු පිළිබඳ නියෝගය ලබන 28 වෙනි දින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

එතෙක් මෙම පරීක්ෂණයට අදාළව රහස් පොලිසියේ ඉල්ලීම පරිදි සිය අධිකරණය ලබාදුන් සියලු නියෝග තාවකාලිකව අත්හිටුවන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

රහස් පොලිසිය අධිකරණයේ අවසර ඉල්ලූ කරුණු මොනවාද?

  1. 2015 වසරේ ජනවාරි මස 01 දා සිට 2017 වසරේ අගෝස්තු මස 02 දා දක්වා කාල සීමාව තුළ දැනට හඳුනාගෙන තිබෙන දුරකථන අංක කීපයක් සම්බන්ධයෙන් අදාළ දුරකථන සමාගම වලින් වාර්තා කැඳවීම.
  2. ජාතික හැඳුනුම්පත් අංක කීපයක් අධිකරණය වෙත ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒවා උපයෝගී කරගනිමින් ලබාගෙන ඇති ජංගම දුරකතන සම්බන්ධතා පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමේ නියෝගයක්.
  3. ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් (Global Transportation and Logistic) නමැති සමාගම විසින් 2015 වසරේ ජනවාරි මස පළමුවෙනිදා සහ 2017 වසරේ අගෝස්තු මස දෙවෙනිදා දක්වා කාලසීමාව තුළ කරන ලද ගනුදෙනු පිළිබඳ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන මෙන් නියෝගයක්.
  4. අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් එහි ලේකම්වරයාට නියෝගයක්.
  5. ‘වොල්ට් ඇන්ඩ් රෝ’ නැමති සමාගම සමග රවි කරුණානායක සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කළ ගනුදෙනු පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

මේ තොරතුරුද කියවන්න:

b

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img