ගෝඨාභය ගම්පහින් දේශපාලන කටයුතු පටන්ගනී

පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවල එකඟ විය හැකි එකදු කරුණක් හෝ නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා කෙසේ හෝ මෙම යෝජනා පරාජය කිරීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පිටකෝට්ටේ වියත්මඟ කාර්යාලයේ දී (21) පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එළිය සම්මන්ත්‍රණය පැවැත්විම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම යෝජනා තුළින් සිදුවන්නේ රට දෙකඩ විම බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා යුද්ධයෙන් කරගත නොහැකි වූ දෙය ව්‍යවස්ථාව හරහා සිදුකර ගැනීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවත් පැවසීය.

දෙමළ ජනතාවගේ ගැටලුවලට සාධාරණ විසැඳුමක් ලබාදිය යුතුය යන මතයේ තමා ද සිටින නමුත් දෙමළ ජනතාව උගසට තබා රට දෙකඩ කිරීමට ඉඩ තැබීමට පුළුවන්කමක් නොමැති බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවිර යන  ගම්පහ දිස්ත්‍රික්පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්  මෙම අවස්ථාවට සහභාගී වි සිටියහ.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img