දෙසැම්බර් මසයතුල වාර්තාවූ රෝගීන් ප්‍රමාණයට සාපේක්‍ෂව මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත්වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබුනද රෝගය පැතිරීම තවමත් සම්පුර්ණයෙන්ම පලනයවී නැතිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.
රෝහලට ඇතුලත් වූ රෝගීන්ගෙන් වැඩිදෙනා වයික්කාල සිදුව පලගතුරය මුන්නක්කරය පෝරුතොට කොචිචිකඩේ දළුපොත යන ප්‍රදේශවලපදිංචි කරුවන්ය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තොරතුරු අනුව 2018 දෙසැම්බර් මාසයයේ මිගමුව නගරසීමාව ඇතුලත ඩෙංගු රෝගීන් 104 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ වනවිට මිගමුව නාගරික බලප්‍රදේශයේ රෝගීන් 59 දෙනෙකු පිලිබදව තොරතුරු මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී ඇත.
රෝහල් ගතවී ඇති රෝගීන් ප්‍රමාණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සංඛ්‍යාලේඛන වල සදහන් සංඛ්‍යාවට වඩා ඉහල අගයක් ගෙන ඇත.
2019 ජනවාරි මස 12 වනදින සිට මිගමුව මහනගර සභාව ක්‍රියාත්මකකල විශේෂ ඩෙංගු මර්ධන සහ ධුමායන කටයුතු නිසා මදුරුවන්ගේ වර්ධනයේ අඩුවීම රෝගීන් සංඛාව අඩුවීමට හේතුවක් වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පවසයි.
මෙම විශේෂ ඩෙංගු මර්ධන සහ ධුමායන කටයුතු ජනවාරි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට දැනට සැලසුම් කර ඇත.