31 C
Negombo
31 C
Negombo

හරිස්චන්ද්‍ර පුරයේදී පොලිසියේ ගිනිඅවියක් පත්තුවී දෙදෙනෙකු රෝහලේ

-

 

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා හරිස්චන්ද්‍ර පුරයට ගිය කටාන  පොලිසියේ  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයෙකු ගේ දකුණු අතට වෙඩිවැදී මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.

22 දින සවස 5.35 ට පමණ ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එහි සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සොයා ගොස් ඇත.සැකකරු නිවසේ නොසිට ඇති අතර ඔහුගේ ඥාති පුද්ගලයෙකු විසින් බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස්  නිලධාරියෙකුට පොල්ලකින් පහර දී නිලධාරියා සතු පිස්තොල අවිය උඳුරා ගැනීමට තැත් කර තිබේ.මෙම අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ අතතිබු පිස්තෝලය පත්තු වී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ දකුණු අතට වෙඩි වැදී තුවාල සිදුව ඇත.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ 40 හැවරදී ලංකේෂ්වර කුසුම්සිරි ද සිල්වා නමැති විවාහකයෙකි මෙම සිද්දියේදී තැලුම් තුවාල සිදුවී ඇති පොලිස් කොස්තාපල් මෛත්‍රීරත්න87134  මහතාද මිගමුව මහරෝහලේ 5 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

සිද්දිය සම්බන්ධයෙන් මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී චන්දන අතුකෝරාල මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල නවරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර  පරීක්ෂණ සිදුකරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.