සිංහරාජ වන රක්ෂිතය: ජාන කොල්ල කෑ විදේශිකයන්ට වනජීවී අපරාධ සඳහා ඉතිහාසයේ “ලොකුම දඩය”

පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වන සත්ව හා වෘක්ෂලතා අඥා පනත බලාත්මක වූ 1937 වසරේ සිට මේ දක්වා වනජීවී අපරාධයකට පනවන ලද ඉහළම දඩ මුදල මෙය වන බවය.

දඩ මුදලට අමතරව මාස තුනක සිර දඩුවමක් නියම වූ අතර එය වසර දහයකට අත්හිටුවා තිබේ.

කුරුවිට බන්ධනාගාරයේ රදවා සිටින ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනා බදාදා පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥයින් සිව් දෙනෙකු පෙනී සිටි අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලවාන අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රත්නවීර විසින් චෝදනා 37 ක් ඇතුළත් චෝදනා පත්‍රයක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබීය.

පුළුස්සන ලද දෑ නිරීක්ෂණය කරන නිලධාරීන්
Image captionවිදේශිකයන් නවාතැන් ගත් ස්ථානයේ පුළුස්සන ලද දෑ නිරීක්ෂණය කරන නිලධාරීන්

ඉන් පසු නඩුව පස්වරුව තෙක් කල් තැබිමෙන් අනතුරුව රත්නපුර අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අදාළ තීන්දුව අනුව විත්තිකරුවන් භාරයේ තිබී සොයාගත් කැමරා උපකරණ සහ සෙසු නඩු භාණ්ඩ රාජසන්තක කෙරිණි.

රත්නපුර අතිරේක දිසා වන නිලධාරී තිස්ස ඩයස් බණ්ඩාර ප්‍රකාශ කළේ, තම පියාගෙන් ලැබුණු සිහිවටනයක් වන ඡායාරූප ලබා ගත් කැමරාව නිදහස් කරන්නැයි එක් සැකකරුවෙකු ඉල්ලා සිටි බවය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා එම කැමරාව පමණක් නිදහස් කර තිබේ.

වරද පිළිගත් පුද්ගලයන් විසින් එකතු කරන ලද සමනලූන් සහ සෙසු කෘමි සතුන් ජාතික කෞතුකාගාරයෙට භාර දිම සදහා වනසංරක්ෂණ නිළධාරීන් කළ ඉල්ලීමට ද අධිකරණයෙන් අවසර ලැබිණි.

දඩ මුදල් ගෙවිම සහ වරදකරුවන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීම සිදු නොවූ බැවින් විදේශිකයන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

වන සංරක්ෂණ නිලධාරින් ප්‍රකාශ කළේ අදාළ දඩ මුදල බ්‍රහස්පතින්දා ගෙවන බවට විත්ති පාර්ශවය කියා සිටි බවය.

වන ජීවී අපරාධ සදහා දඩ නියම කිරීමේ ඉතිහාසය

අධිකරණ සහ ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර පනවන ලද දඩ මුදල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ ජගත් ගුණවර්ධන පවසන පරිදි වනජීවී අපරාධ සඳහා මීට පෙර විශාල දඩ මුදල් පැනවිමේ අවස්ථා දෙකක් වාර්තා වේ.

  1. දකුණු අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සේවයේ නිරත පොලිස් නිලධාරින් විසින් සත්ව ජාවාරමක් සම්බන්ධයෙන් විදේශිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදි රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක දඩයක් නියම විය.
  2. මීට ඉහත සිංහරාජයේ සිදුවු වන ජීවි අපරාධයකට රුපියල් පහලොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම විම.

“අද නියමු වූ දඩය ගැන ඉතා සතුටට පත් වෙනවා. මෙය හොඳ පූර්වාදර්ශයක්. වනජීවී අපරාධවල බරපතළකම සමාජයට අවබෝධ කර ගන්න මෙවැනි තීන්දු ඉතා වැදගත් වෙනවා” නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

BBCSINHALA

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img