Thursday, August 6, 2026
26.4 C
Negombo

විනිසුරුවරුන් 14කගේ නම් හේතු නැතිව ප්‍රතික්ෂේප කරලා -ජනාධිපතිතුමා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන විවාදයේදී ය.

සේවා කාලයට අදාළව උසස්වීම් ලබා නොදෙනවා නම් එලෙස නොදීමට හේතුව එම විනිසුරුවරුන් දැන ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. තමා කතා කරන්නේ දැනට පත් කර සිටින විනිසුරුවරුන් නොවන බවත්, තමා කතා කරන්නේ පත් නොකළ හරින ලද පිරිස ගැන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‘‘ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි.  අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා‘‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

‘‘අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනී කරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.‘‘යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img