බිලියන 04 කට අධික වංචාවක් රාජිතට එරෙහිව ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්

යහපාලන රජයේ සිදුවූ අසල අක්‍රමිකතා හා වංචා දූෂණ සොයා බැලීමට පත්කල  ජනාධිපති විමර්ෂණ කොමිශන් සභාවට සෞඛ්‍ය ඇමතිවරයාට හා ඖෂධ නිතිගත සංස්ථාවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වේ. මෙරටට ඹෟෂධ ගෙන්වනු ලබන පුද්ගලික සමාගමක් මගින් මෙම පැමිණිල්ල ඊයේ (07) අදාල කොමිසමට භාර දී ඇත.

පියයුරු පිළිකා රෝගින් සදහා දැනට භාවිතා කරන තත්වයෙන් බාල බෙහෙත් වැඩිමිලට ගෙන්වීම සම්බන්දයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර පැමිණිලි කාර සමාගම පවසන්නේ මේ සදහා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සෘජුවම සම්බන්ධ බවයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආශිර්වාදයද ඔහුට හිමිව ඇතයි අදාල සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නුවන් චාමර ‍ෆොන්සේකා මහතා සදහන් කරයි.

පියයුරු රෝගින් සදහා දැනට භාවිතා කරන රුසියාවෙන් ගෙන්වනු ලබන හර්ටිකැඩ් නැමැති ඖෂධයයි. මෙය රුසියානු ට්‍රස්ටුසුමැබ් ගණයට අයත් වූවකි. මෙම බෙහෙත පියයුරු පිළිකා රෝගීන්ට නුසුදුසු බව පවසන අතර ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ වෙනත් පිළිගත් සෞඛ්‍ය සංවිධානවල තත්ව සහතිකයක් හිමිව නැත. පසුගිය වසර 03 පුරා ලංකා පිළිකා රෝග විශේෂඥ සංගමයේ  වෛද්‍යවරු මෙම බෙහෙත සම්බන්ධව විරෝධතාව පල කලත් එය තඹ සතයකටවත් මායිම් නොකර තත්වයෙන් බාල  බෙහෙත දිගටම ලංකාවට ගෙන්නාගෙන වැඩි මුදලකට රජයට ලබා දෙන බවටද අදාල ආයතන චොදනා කරයි.

ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා ටෙන්ඩර් ඇගයීමට අදාල නිර්දේශ ගත වෛද්‍යවරු නම්කලද නම් කල වෛද්‍ය වරු වෙත නොයවා ඖෂධ සංස්ථාවට හිතවත් වෙනත් වෛද්‍යවරු තිදෙනෙකුට යවා බෙහෙත ගෙන්වා ගැනීමට අදාල නිර්දේශ  ලබා ගෙන ඇත . සංස්ථාවේ බලපෑම් මත මෙම හර්ටිකැඩ් බෙහෙත භාවිතා නොකරන විශේෂඥ වෛද්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ කිහිපයක්ම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කර ඇත.

මෙම හර්ටිකැඩ් ඖෂධයේ ලියාපදිංචිය හා ටෙන්ඩරය ලබා දෙන ක්‍රම නිසි ලෙස සිදු වී නොමැති බවට කෝප් කමිටුවට ද තහවුරු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතළු ලෝකයේ සෞඛ්‍ය සංවිධාන මගින් තත්ව සහතික ලබා දුන් තවත් ඖෂධ තුනක් අඩුමිලට වෙළදපොලේ තිබුනද පසුගිය වසර 03 පුරාම සංස්ථාවට මිලදී ගෙන ඇත්තේ වැඩි මිලකට හර්ට්කැඩ් ඖෂධයම වේ. මේ නිසා රජයට පසුගිය වසර 03 තුළ අහිමි වී තවත් මුදල් රුපියල් බිලියන 04කට අධීකය.

මේ සම්බන්ධයෙන් ඖෂධ නිතිගත සංස්ථාවෙන් විමසූ විට අනෙකුත් සැපයුම්කරුවන් ඖෂධ භාවිතා කොට  පලපුරුද්දක් නොමැති බව පවසයි. ට්‍රන්ටුසුමැබ් ඖෂධ ලියා පදිංචිය ලබා දෙන විට අදාල ආයතන වල සියළු සාධක ඇගයීමකට ලක් කර ඇත. ඒ නිසා අදාල චෝදනාව  ප්‍රතික්ශේප කරන බව ද නුවන් චාමර ෆොන්සේකා මහතා අදාල පැමිණිල්ලේ සදහන්කර ඇත.

මෙම ජාවාරමට රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපතිවරයා සෘජුවම සම්බන්ධ බවට ෆොන්සේකා මහතා චෝදනා කරයි. සභාපතවරයා දැනට වසර 03 කට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස පත්විය. රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් ඔහු සභාපතිධූරයට පත්කර ඇත. එය කිසියම් යටි අරමුණක් ඇතිව සිදු කරන්නට ඇතයි සැක  පලව තිබේ.

මේ වසරේදී තත්ව සහතිකය හිමිවූ  වෙනත් බෙහෙතක් සැපයීමට තම සමාගමට අදාල මෙම ටෙන්ඩරය හිමි වූවද විවධ තාක්ෂණික දෝශ ඇතැයි බොරු කියමින්  එය අවලංගු කර කලින් මුදලටත් වඩා වැඩි මුදලකට  මුල් සාමාගමෙන් තත්වයෙන් බාල බෙහෙත් මිලදී ගැනීමට ඖෂධ නිතිගත සංස්ථාවට පියවර ගනිමින් සිටින බවටද අදාල පැමිණිල්ලේ සදහන් විය.

මේ නිසා මේ සම්බන්ධයෙන්  නියමිත පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය ඇමතිවරයා හා රාජ්‍ය ඖෂධ සංස්තාවේ සභාපතිවරයාට එරෙහිව පියවර ගන්නැයි නිවුන් චාමර සිල්වා මහතා කොමිසමට කල සිය පැමිණිල්ල ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා සිටි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ගිමෙන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාද ඊයේ (07) පාර්ගිමේන්තු අයවැය විවාධයට එක්වෙමින් මේ සම්බන්ධවයෙන් ප්‍රශ්ණ කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ පිටුපස මහා පරිමාණ මුදල් ජාවාරමක් ඇති බවයි.

pradeep anurakumara

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img