මිගමුව මහානගර සභාවේ බිංකුන්ඩන්

ගන්න වැටුපට සේවයක් නොකරන සහ අල්ලස් කොමිස් ගන්නා රජයේ සේවකයන් මීලග ආත්මයේ බින්කුන්ඩන් වී උපදින බව දයාල් නිලංග ද සිල්වා නාගරික මන්ත්‍රීවරයා (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ) ප්‍රකාශ කරයි

ඒ මහතා විසින් මෙම අදහස් ප්‍රකාශකලේ දයාන් ලාන්සා  නගරාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති

මිගමුව මහා නගර සභාවේ මාර්තුමස සභා රැස්වීමේදීය.

මහා සභාව ඒකමතිකව අනුමත කරන යෝජනා නිලධාරීන් විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කරන බවත් මෙසේ කරන්නේ කාර්මික නිලධාරී සමග මත්පැන් පානය නොකිරීම අල්ලස්  නොදීම නිසාදැයි ප්‍රශ්න කල නිලංග ද සිල්වා නාගරික මන්ත්‍රීවරයා මෙම නිලධාරීන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස  නගරාධිපතිවරයා ගෙන් ඉලිලීමක් ද කළේය.

නාගරික මන්ත්‍රීවරුන් උත්සාහ කරන්නේ ප්‍රදේශයට සේවයක් කිරීමට බවත් පාරවල් කොන්ක්‍රීට් කිරීමේදී  අගල් 4 ක් ඝනකමට ඇස්තමේන්තු සකස් කරන නමුත් එම ප්‍රමාණය පාර සකස් නොවන බවද තාර නොදමා කොන්ක්‍රීට් නොකර  නිලධාරීන් විසින් මුදල් වංචා කල අවස්ථා ඇති බවත් නාගරික කොමසාරිස්වරිය මේ කිසිවක් ගැන නොසොයන බවද නාගරික මන්ත්‍රීවරයා  හෙළිදරවු කළේය.

රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා (එක්සත් ජාතික පක්ෂය)

දයාල් නිලංග මන්තී‍්‍ර වරයා ඍජුව නිලධාරින්ද නම්කරමින් දැඩි චෝදනා එල්ලකළ බවත් එම නිසා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත්ජාතික පක්ෂය වශයෙන් ඉල්ලීමක් කරනබව පැවසිය.

සුනිල් ද සිල්වා නාගරික මන්ත්‍රීවරයා( ස්වාදින)

එක නිවසකට දෙකකට යන මාර්ග වලට කොන්ක්‍රීට් සහ තාර අතුරා ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි අනුව  ඉඩම් කොටස්කර විකුණන ආයතන විසින් එම ඉඩම් ඇතුලත මාර්ග සකස් කර විදුලිය ලබාදී ඔප්පුවකින් පළාත්පාලන ආයතනයට පැවරියයුතු යුතු බවත් නමුත් එය මෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ.

ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා (එක්සත් ජාතික පක්ෂය)

පාරවල් සංවර්ධනය කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් සමග ඒකාබද්ධව කටයුතු කලයුතු බවත් පොදු පහසුකම් සකස් නොකල ඉඩම් සදහා අනුමැතිය ලබා දීමෙන් මෙම ගැටළු පැනනැගී ඇති බවද පසුගිය වසර 10 ඇතුලත කැබලිකර විකුණු ඉඩම් පිලිබදව විමර්ශනයක් කලයුතුයි.

ලලිත් ටෙන්සිල් නාගරික මන්ත්‍රීවරයා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය )

නගරයේ සංවර්ධන කටයුතුවලදී නාගරික මන්ත්‍රීවරු සියලු දෙනාගේම සහයෝගය ලබා ගන්නලෙස ඉල්ලීමක් කරනවා.

කැලිසන් ජයකොඩි නාගරික මන්ත්‍රීවරයා (එක්සත් ජාතික පක්ෂය)තලාහේන උපකාර්යාලයට කාර්ය භාරනිලධාරියෙක් නොමැති කමින් ජනතාව දැඩි අසීරුතාවයකට පත්වනවා හැකි ඉක්මනින් එමතනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතුකරන ලෙස ඉල්ලා සිටිනවා

 සේපාල මොරවක නාගරික මන්ත්‍රීවරයා (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ) මෙම යෝජනාව තාක්ෂණ නිලධාරීන් සහ නාගරික මන්ත්‍රීවරුන් අතර ඇතිවන ගැටළු නිරාකරණයට ගෙන එන ලද හොද යෝජනාවක්.

දයාන් ලාන්සා නගරාධිපති (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ )

අනපනත් වලින් අසීමිත විධායක බලතල ලැබී තිබුනත් මා එම  බලතල වැරදි ලෙස භාවිතා කරන්නේ නැහැ.තමන්ට උවමනා දේවල් කරන්න විධායක බලතල යොදා ගැනීමෙන් ඇතිවූ අනිටු ප්‍රතිපල අපි අත්විදිනවා.

මෙම පාරවල් පවරා ගැනීම පිළිබද යෝජන්නාව ගෙන ආවේ නිලධාරීන් සහ මන්ත්‍රී වරුන් අතර ඇතිවන රාජකාරි මය  ගැටුම් වැළැක්වීමට මිසක් නිලධාරීන් ආරක්ෂා කිරීමට නොවෙයි.ජන්ද බලාගෙන පාරවල් හැදීම වගේම නගරයේ සිදුකල යුතු තවත් දේවල් තිබෙනවා අපේ සමහර පෙරපාසල් වැස්සට තෙමෙනවා මේවා සංන්වර්ධනය  කලයුතුයි. මිගමුව සුන්දර නගරයක් බවට පත්කිරීම මගේ අරමුණයි

 

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img