අමාත්‍ය මණ්ඩල තීරණ හා සබැඳි තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන්  පුරවැසියන්ට ලබා දීමේ අරමුණින්  මෙම තීරණය ගෙන තිබේ.

යම් නිශ්චිත අමාත්‍ය මණ්ඩල සංදේශයකට අදාළ නොවන හෝ නිශ්චිත අමාත්‍යාංශයක විෂය පථයට අයත් නොවන තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින්    “වෙනත් කරුණු” යටතේ එළඹ ඇති තීරණ සම්බන්ධයෙන්   පමණක්  අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් තොරතුරු ලබා ගත හැක.

මෙතෙක් කාලයක් අමාත්‍යංශවලින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඊට අදාල තීරණ තොරතුරු පනත යටතේ ලබාදීමේ බලය තිබුණේ කැබිනට් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙතය. අලුත් තීරණය අනුව එම තීරණ සඳහා අදාළ අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් වෙත තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව කැබිනට් ලේකම් කාර්යාලය සඳහන් කර තිබේ