අද සිට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධිවර සහ නාවුක කටයුතු වලින් වලකින්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබද අද දහවල් 12.00 ට නිකුත්කර ඇති නිවේදනයට අනුව

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද උදෑසන 08.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 950 පමණ දුරින් උතුරු අක්ෂාංශ 2.5 ත් නැගනහිර දේශාංශ 89.6 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල  සුළං නිරිත සිට බස්නාහිර දක්වා වන දිශා වලින් හමා එයි.

තංගල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

ගිනිකොණ දෙසින් ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැ.කි.මී (40-50) දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 60 දක්වා වනප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද සිට ධිවර සහ නාවුක කටයුතු වලින් වලකින ලෙස ධීවරයන්ට උපදෙස් දෙනු ලැබේ.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img