මේක මොලේ කචල් අංජ බජල් ආණ්ඩුක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කල තේරීම් කාරක සභාව චෝදනා වලින් ගැලවීම සදහා ආණ්ඩුව අටවා ගත් ප්‍රෝඩාවක් බවත් එය හොරාගෙ අම්මගෙන් පේන ඇසීමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිමෙන් අත සෝදා ගෙන එය ජනාධිපතිවරයා  පිට පටවා ගැලවීමට ආණ්ඩුව මෙමගින් උත්සහ දරණ බව පෙන්වා දෙන රණතුංග මහතා ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් කිසිදා ගැලවිය නොහැකි බවද පෙන්වා දුන්නේය.

කෘතහස්ත දේශපාලාඥඤයෙකු වූ  දිවංගත රෙජී රණතුංග මහතාගේ 11 වන ගුණසැමරුම නිමිත්තෙන් රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

දිවංගත රෙජී රණතුංග මහතාගේ 11වන ගුණ සමරුව නිමිත්තෙන් 30 වන දින රාත්‍රීයේ ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවසේ මතක ධර්ම දේශණාවක් පැවති අතර එය පැවැත්වූයේ දොඹවල  ශ්‍රී සද්ධර්මගුප්ත පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත කොබ්බෑවල මේධංකර හිමියන් විසිනි.

අද (31) පැවති පුෂ්පෝපහාර වැඩ සටහනෙන් පසුව මාධ්‍ය හමුවේ වැඩිදුරටක් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

” තේරීම් කාරක සභාව තනිකරම ප්‍රෝඩාවක් බව අප දැනගෙන හිටියා. ඒ නිසා තමයි අපි එය නියෝජනය කීරීම ප්‍රතික්ෂේප කළේ. මෙම තේරීම් කාරක සභාව  හරහා මෙරට බුද්ධි අංශ පාවාදීමටත් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. බුද්ධි අංශ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව ආණ්ඩුවට තොරතුරු අනාවරණය කර තිබියදීත් ඒ ගැන පියවර නොගැනීම ගැන මේ රටේ ජනතාව ඉන්නේ කේන්තියෙන්. ඒකෙන් ගැලවෙන්න තමයි ආණ්ඩුව මේ සියළු උප්පරවැට්ටි දාන්නේ.

දැන් බලන්න මංගල සමරවීර ඇමතිවරයා ගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ආයුධත් සමග අත් අඩංගුවට අරන් පැය 24ක් යන්නත් කලින් ඇප දෙනවා. මිනුවන්ගොඩ සිද්ධියේදී ඒ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තරුණ පිරිසක් හීනටියනෙන් අත් අඩංගුවට අරන්  රිමාන්ඩ් කරනවා. අහිංසක අය රිමාන්ඩ් කරලා බඩුත් එක්ක අත් අඩංගුවට ගත් ආණඩුවේ ගජ මිතුරන්  නිදහස් කිරීම තමයි මේ ආණ්ඩුවේ සමනල න්‍යාය.

මේ ආණ්ඩුවේ මොලේ කචල්. අංජ බජල්. දැන් මේ ආණ්ඩුව ගෙවන්නේ තමන්ගේ අවසාන කාලේ. ආණ්ඩුව ගැන මිනිසුන්ගේ ඉවසීමේ සීමාව දැන් ඉවරයි. හෙට අනිද්දා වෙන කොට මේ රටේ මිනිස්සු ආණ්ඩුවේ කිසිම ඇමති වරයෙක්ව ගෙදරට වද්ද ගන්න එකක් නෑ. ඒ තරමට මේ ආණ්ඩුව මේ රටේ ජනතාවට එපා වෙලා ඉවරයි. දැන් මොන උප්පරවැට්ටිය දැම්මත් ආණ්ඩුව ගෙනියනවා බොරු.”

දිවංගත රෙජී රණතුංග මහතාගේ සහෝදරයන් හා පවුලේ ඥාතීන් මෙන්ම මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ සභාපති වරු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රදීප් අනුරකුමාර

 

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img