ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ශකය අගෝස්තු 11 වන දින ප්‍රකාශයට පත් කරෙන අතර එය ප්‍රකාශයට පත්කිරීමට පෙර හා පසු ක්‍රියාත්මක මැතිවරණ මෙහෙයුම පසුගිය සෙනසුරාදා (29) ආරම්භ කෙරිණි.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන  සෙනසුරාදා (29) ආරම්භ කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, අනුබද්ධ සංවිධාන නියෝජිතයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන වෙනත් පක්ෂවල දිස්ත්‍රික් නායකයින් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ගම සමග පිළිසදරක් වැඩ සටහන අගෝස්තු 11 වන දිනට පෙර අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව රැස්වීම් 25,000 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව ප්‍රචාරක වැඩසටහන්, ගෙන් ගෙටයාම්, මහජන රැලි පැවැත්වීමට අදාලව මෙ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු වලදී සාකච්ඡා කර තීරණවලට එළඹීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කුමන පක්ෂයක් සමග සන්ධානගත වුවද, නොවූවද මෙවර ජනාධිපති හා අගමැති දෙදෙනාම බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ රණතුංග මහතා අවධාරණය කළේ එම පක්ෂය මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් වල පල්ලට යවා ඇති බවය. ඔවුන් පිළිබදව ජනතාව තුල කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඇත්තේ කළකිරීමක් පමණක් බවත් රණතුංග මහතා කීවේය.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී තරග කරන්නේ පොහොට්ටුව ලකුණින් බවත් ඇතිවන ඕනෑම පුළුල් සන්ධානයක ඡන්ද ලකුන පොහොට්ටුව බවත් පැවසූ රණතුංග මහතා ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රික්යේ ජයග්‍රහණය සමස්ත මැතිවරණ ප්‍රතිඵලයට බලපාන බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීමට කැප වෙනනයි ඉල්ලා සිටියේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img