හේමසිරිට සහ පූජිත්ට ඇප: “යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ”

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අඟහරුවාදා (ජූලි 09) නියෝග කළාය.

මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය.

ඇය එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීම් චෝදනා පදනම් විරහිත බවය.

“පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි,” බව හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ අධිකරණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

“අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල නැහැ”

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අදාළ රජයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමෙන් තොරව බවය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.

බුද්ධි අංශ විසින් සපයන ලද තොරතුරු කිසිවක් නිශ්චිත තොරතුරු නොවන අතර එම තොරතුරු අනුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව ද මහේස්ත්‍රාත්වරිය උදාහරණ සමගින් පැහැදිලි කළාය.

ජූලි 03

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජූලි 09 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ, ජූලි 03 වෙනිදාය.

එදින ඉදිරිපත් කළ ඇප ඉල්ලීමේ තීන්දුව ජූලි 09 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ජූලි 03 වෙනිදා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය.

එමෙන් ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවාදායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කළේය.

අඟහරුවාදා (ජූලි 09) ඇප ඉල්ලීම් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, 296 වන වගන්තියට අමතරව අනෙක් චෝදනා ද ප්‍රශ්නසහගත බව පෙනී යන බවය.

BBC SINHALA

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img