හරිස්චන්ද්‍රපුරයේ කුඩු කල්ලි දෙකක් ගැටෙයි 11 ක් රිමාන්ඩ් 6 ක් කාන්තාවන්

කටාන තිබිරිගස්කට්ටුවේ හරිස්චන්ද්‍රපුරයේ  මත්ද්‍රව්‍ය අලවිකරණ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමකට සම්බන්ධවූ කාන්තාවන් 6 ක් ඇතුළු 11 දෙනෙකු සැප්තැම්බර් මස 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය 27 දින නියෝගකළේය.

මෙම කණ්ඩායම් දෙකටම නායකත්වය දෙන්නේ කාන්තාවන් දෙදෙනෙකු බවත්   ගැටුම ආරම්භවීමට හේතුවී ඇත්තේ පොලිසියට ඔත්තු ලබාදෙන බවට එක්කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායම සැකකිරීම බවද මුලිකවිමර්ශන වලදී අනාවරණය ඇත.

පළමු කණ්ඩායමට නායකත්වය දෙන කාන්තාව තවත් හය දෙනෙකු සමග   දෙවනකන්ඩායමට නායකත්වය දෙන කාන්තාවගේ නිවසට පැමිණ පහරදී ඇයගේ  ගෙලබැදි 235000 ක් වටිනා රන් දම්වැලක් මංකොල්ලකනලද බවට පැමිණිලිකර ඇති අතර  අනෙක් කණ්ඩායමට නායකත්වය දෙන කණ්ඩාමේ කාන්තාව  විසින්ද හයදෙනෙකු පැමිණ පහර දුන්බවට කටානපොලිසියට  පැමිණිල්ලක් කර ඇත.

මෙම පැමිණිලිවලට අනුව අයුතු ජනරාශියක සාමාජිකයන් වී මංකොල්ලකෑමේ චෝදනාව යටතේ දෙපර්ශවයෙම් සාමාජික සාමාජිකාවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කර ඇතිඅතර ප්‍රදේශයෙන් පලාගොස් සිටින අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

කටාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ සැරයන් සුදත් ගුණවර්ධන 53155 සමග පොලිස් කොස්තාපල්වරුන් වන 82685 උදය කුමාර සමග කාන්තා පොලිස් කොස්තාපල් 10427 තිලිනි යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙනතිබු අතර සැකකරුවන් අධිකරණයට කලේ පොලිස් කොස්තාපල්  24838 ප්‍රියන්ත මහතා විසිනි

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img