අද පස්වරු 2.45 ට පමණ මිගමුව සිට කොලබ බලාධාවනයවූ දුම්රියක මෝටර් කාර්රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින සුළු තුවාල ලබා ජීවිතය ගලවාගැනීමට එහි ගමන්කල රියදුරු සමත්ව ඇත.
මිගමුව ගල්කන්ද හන්දිය ආසන්නයේ අයිස්කර්මාන්ත ශාලාවකට පිවිසීම සදහා සකස්කර ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවිය.
අනතුරින් දිවිබේරාගෙන ඇත්තේ කුලියාපිටියේ රක්ෂණ සමාගමක කළමනාකරුවෙකි මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජි කේ එම යු ගජනායක මහතා සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.