පෙර පැවති නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීරණයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති බවයි.
සීමා නිර්ණ කමිටුව අමාත්‍යාවරයාට භාරදුන් වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් පවතින පළාත් සභා සංශෝධන පනත යටතේ මැතිවරණය පැවැත්වීමට ද නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මතය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා පසුගියදා අධිකරණයෙන් සිදුකළ මත විමසීමට අනුවයි.
පළාත් සභා ඡන්ද විමසීමට අඳාළ ශේෂ්ඨාධිකරණයේ මතය පිළිබඳ ජනාධිපති ලේකම් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
Hot this week
අපගේ අරමුණ ජනතාවට සත්‍යය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සදහා අපට හැකි පමණින් නිවරදි තොරතුරු ලබාදීමයි.
අපට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග කිසිදු බැදියාවක් නැති අතර කිසිදු අමනාපයක්ද නැත.
අප කිසිදු ආගමක හෝ චින්තනයක කොටස්කරුවෝද නොවෙමු. අප කිසිදු ජනකොටසක් හෝ ජනවර්ගයක් නියෝජනය නොකරමු. පටු කෝණවලින් බලා ලාබ ජනප්‍රියත්වයක් අප්ක්ෂා නොකරන අපි ජනතාවට තමන් භාවිතා කරන දත්ත වලට ගෙවන මුදලේ වටිනාකමට වැඩියමක් ලබාදීමට උත්සාහ කරමු.
Get important news delivered directly to your inbox and stay connected!


