32 C
Negombo
32 C
Negombo

දුන්ගාල් පිටියේ පොල්කදන් බෝක්කුව අසල සුරුවම් කුඩුකල කිතුනුවා කුඩුවට

-

දුන්ගාල් පිටියේ පොල්කදන් බෝක්කුව අසල ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුනුදුන්ගේ ප්‍රතිමාව තැන්පත්කර ඇති විදුරු කුඩුවට මුගුරකින් පහරදී බිද දමා  කිතුනු ජ්නතාවතුල නොසන්සුන් තාවයක් ඇතිකිර්මට උත්සාහ කලබවට සැකකරන කිතුනුවෙකු මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය නියෝග කළේය.

මෙසේ ඇප ප්‍රතික්ෂේපකර රක්ෂිත බන්ධනා ගාර ගතකරන ලද්දේ තලාහේන දුන්ගාල් පිටියේ පදිංචිකරුවෙකුබව කියන  ප්‍රදීප් ප්‍රනාන්දු නමැත්තෙකි.

සැකකරු විසින් මුගුරකින් පහරදී  දුන්ගාල්පිටිය   බෝක්කුව අසල ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුනුදුන්ගේ ප්‍රතිමාව තැන්පත්කර ඇති විදුරු කුඩුවට සැප්තැම්බර් මස 1 දින මධ්‍යම රාත්‍රියේදී  මුගුරකින් පහරදී බිද දමනු දුටු අයෙකු විසින් පොලිසියට කල දැනුම් දීමකට අනුව සැගව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ජයරත්න සිල්වා මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර සැරයන් ඩි ජයසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරපත් කරනු ලැබිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.