පිල් මරුකරන්නේ නෑ -පක්‍ෂයේ නායකයන්ගේ හැටි ඔහොම තමයි

-

පක්ෂයට විශාල  සේවයක් කර ඇති  තමන්  පිලිබදව  පක්ෂයේ  නායකයන් කතානොකිරිම පිලිබදව සිනහවකින් පිළිතුරු දෙනබව්ත් එය  පක්ෂයේ හැටිබව  එක්සත්ජාතික පක්ෂයේ හිටපු මිගමුව ආසන සංවිධායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මිගමුව   මහනගර නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා පවසයි ඒ  මහතා මෙසේ පැවසුවේ අද 5දින පැවති මිගමුව මහනගර සභාවේ මාසික රැස්වීමට සහභාගි වී පිටව යන අවස්ථාවේ මාධ්‍ය වේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කිසිම ලෙසකින් පිල්මාරු කිරීමේ අදහසක් තමන්ට නොමැතිබව ද ගිනි අවි පනත යටතේ තමන්ට නඩුපවරා ඇතත්  සන්තකයේ තිබී කිසිදු ගිනිඅවියක් අත්අඩංගුවට ගෙන නැතිබවද පැවසූ රොයිස් ප්‍රනාන්දු මහතා මීගමුවේ එජාප බලමණ්ඩලයේ භාණ්ඩාගාරික මියගිය අවස්ථාවේ පක්ෂයේ ශෝකය ප්‍රකාශ කිරීම සදහා කටයුතු නොකිරීම සහ මීගමුවේ එජාපයේ බිදවැටීම පිළිබදවද පිළිතුරු දිය හැක්කේ සිනහවකින් බවද පැවසිය.

කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පැමිණවූ රොයිස් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර අධිකරණයෙන් ලැබුණු අවසරය අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  මාසික මහා සභා රැස්වීමට සහභාගී විය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here