29 C
Negombo
29 C
Negombo

කුඩු ගහන්න පඩිය මදිනිසා රන්මාල කැඩූ දළුපොත හතරෙ කල්ලියේ තුනක් මාට්ටු

-

මත්කුඩු සදහා වියදම් කිරීමට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම නිසා අමතර මුදල සොයාගැනීම සදහා ගෙවල් බිදීම් සහ මංකොල්ලකෑම් සිදුකල හතරදෙනා ගේ කල්ලියේ  තිදෙනෙකු කටාන පොලිස්යේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව දළුපොත ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකි.

මිගමුව මීරිගම පාරේ ජංගම දුරකථන අලවිසලක ඉදිරිපස වීදුරුව බිදජංගම  දුරකථන  උපාංග සොරකම් කිරීමක් පිලිබදව කටාන පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පිලිබදව සිදුකරනලද දීර්ඝ විමර්ශනයකින් පසු උපාය ධුතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මීගමුවේ කොළබ පාරේ  නිමි ඇදුම් අලවිසලක සේවයකරන මොවුන් තිදෙනා  රැකියාවෙන්  පසු එම ආයතනයෙන් ලබාදී ඇති යතුරු පැදියෙන් ගොස් කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කඩාගැනීම අත්බෑග් කොල්ලකෑමේ සිදුකර ඇතිබවට  විනර්ශන වලදී අනාවරණය වී තිබේ.

මොවුන් කොචිචිකඩේ කටාන ඇත්ගාල කදවල දළුපොත ප්‍රදේශවලදී මෙම කොල්ල කෑම් සිදුකර ඇති බව අනාවරණය කරගත් පොලිසිය උකස්කර තිබු රන්මාල දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමට සොයන අනෙක් සැකකරු පදිංචි ස්ථානයෙන් පැනගොස් ඇත.

වැඩිදුර විමර්ශන වලින්පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

කටාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ සැරයන්  53155 සුදත් ගුණවර්ධන  පොලිස් කොස්තාපල්වරුන් වන 82685 උදයකුමාර 15808 සේනාරත්න 33249 අනුෂ්ක 93442 සදරුවන් යන නිලධාරීන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.