කුඩු ගහන්න පඩිය මදිනිසා රන්මාල කැඩූ දළුපොත හතරෙ කල්ලියේ තුනක් මාට්ටු

මත්කුඩු සදහා වියදම් කිරීමට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම නිසා අමතර මුදල සොයාගැනීම සදහා ගෙවල් බිදීම් සහ මංකොල්ලකෑම් සිදුකල හතරදෙනා ගේ කල්ලියේ  තිදෙනෙකු කටාන පොලිස්යේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව දළුපොත ප්‍රදේශයේ පදිංචි තරුණයන් තිදෙනෙකි.

මිගමුව මීරිගම පාරේ ජංගම දුරකථන අලවිසලක ඉදිරිපස වීදුරුව බිදජංගම  දුරකථන  උපාංග සොරකම් කිරීමක් පිලිබදව කටාන පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පිලිබදව සිදුකරනලද දීර්ඝ විමර්ශනයකින් පසු උපාය ධුතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මීගමුවේ කොළබ පාරේ  නිමි ඇදුම් අලවිසලක සේවයකරන මොවුන් තිදෙනා  රැකියාවෙන්  පසු එම ආයතනයෙන් ලබාදී ඇති යතුරු පැදියෙන් ගොස් කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කඩාගැනීම අත්බෑග් කොල්ලකෑමේ සිදුකර ඇතිබවට  විනර්ශන වලදී අනාවරණය වී තිබේ.

මොවුන් කොචිචිකඩේ කටාන ඇත්ගාල කදවල දළුපොත ප්‍රදේශවලදී මෙම කොල්ල කෑම් සිදුකර ඇති බව අනාවරණය කරගත් පොලිසිය උකස්කර තිබු රන්මාල දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමට සොයන අනෙක් සැකකරු පදිංචි ස්ථානයෙන් පැනගොස් ඇත.

වැඩිදුර විමර්ශන වලින්පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

කටාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ සැරයන්  53155 සුදත් ගුණවර්ධන  පොලිස් කොස්තාපල්වරුන් වන 82685 උදයකුමාර 15808 සේනාරත්න 33249 අනුෂ්ක 93442 සදරුවන් යන නිලධාරීන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img