මිගමුව අධිකරණයේ ගිණුම් අංශයේ නිලධාරියෙකු අල්ලස් දැලේ

නඩුවක චුදිතයෙක් වෙනුවෙන්  මුදලින් රුපියල් 50000 ක් ඇපතැබූ ඇපකරුවෙකුගෙන්  නඩු විභාගයෙන් අනතුරුව එම ඇපමුදල මුදා හැරීමට රුපියල් 5000 ක අල්ලසක් ඉල්ලා එම මුදලින් රුපියල් 4000 ක් ලබාගත් බවකියන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගිණුම් සහකාර වරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් 8 දින අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසමේ ආරංචිමාර්ග වලට අනුව ඇප තැම්පත්කරු ඇපමුදල ලබාගැනීම සදහා අවස්ථා කිහිපයකදී පැමිණ ඇතත් එම මුදලට අදාළ චෙක්පත කඩිනමින් නිකුත්කිරීමට සැකකාර නිලධාරියා විසින් රුපියල් 5000 ක් ඉල්ලා ඇති අතර ඇපකරු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් සිදුකල වැටලීමේදී ඉල්ලා සිටි රුපියල් 5000 න් රුපියල් 4000 ක් ලබාගැනීමේදී ගිණුම් සහකාර නිලධාරියා ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ  නිලධාරී විසින් මිගමුව අධිකරණය හමුවට පැමිණවූ සැකකාර නිලධාරියා  මේ මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා  8 දින නියෝග කළේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img