කටානේ සිංහල අවුරුදු උත්සවයකදී පුද්ගල ඝාතනයක්කල විත්තිකරුවෙකුට මරණ දඩුවම

-

මා ඔයෙන් වැලිගොඩ දැමීමේ  ව්‍යාපාරික ප්‍රශ්නයක් නිසා කිනිස්සකින් ඇන පුද්ගල ඝාතනයක් සිදුකල බවට අධිචෝදනා ලබාසිටන ඩුවිභාගයකින් පසු වරදකරුවෙකුවූ  විත්තිකරුවෙකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මරණ දඩුවම නියම කළේය.

මෙසේ මරණිය දණ්ඩනය නියම කරන ලද්දේ 35 හැවරදී කටාන ඔතරවාඩිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකුටය.

2010 අප්‍රේල් මස 18 දින කටාන ඔතරවාඩිය ප්‍රදේශයේදීපැවති සිංහල අවුරුදු උත්සවයකදී මෙම මනුෂ්‍ය ඝාතනය  සිදුව ඇත.මෙම පිහිය ඇනුමෙන් කටාන ඔතරවාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 වියැති  එස් ජි පුෂ්පකුමාර නමැත්තා මරණයට පත්ව ඇති අතර ඔහුගේ ඥාති සොහොයුරෙකු ද මාරාන්තික තුවාල ලබා ඇත.

නඩුවිභාගයේදී විතිකරුට එරෙහිව එල්ල කරනලද චෝදනා සධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවී ඇතිබැවින් විතිකරුට මරණිය දඩුවම නියම කරනබව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

රජයේ අධිනීතිඥ රිද්මා කුරුවිට මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර කොච්ච්කඩේ පොලිසියේ පොලිස් කොස්තාපල් 65060 ඩබ්ලිව් එම සුමිත්‍රානන්ද මහතා පැමිණිල්ලට සහායවිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here