ලැබු ජය සාමකාමීව භුක්තිවිඳින්න-විපක්ෂනායක මහින්ද රාජපක්ෂ

ලැබු ජය ඉතාමත්ම සාමකාමීව, භුක්තිවිඳින මෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදු කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනයේ මෙසේ සඳහන්ව ඇත.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ජනාධිපතිවරණය විශිෂ්ඨ ලෙස ජයගෙනඇත.

අවුරුදු පහක් මුළුල්ලේ අනේකවිධ දුෂ්කරතා විද ලබාගත් මේ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, අනුන්ට කිසිඳු කරදරයක් නොවන ආකාරයට භුක්තිවිඳින මෙන් මම අපගේ පාක්‍ෂිකයන්ගෙන් මෙන්ම සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්ද ඉල්ලා සිටිමි.

මහජනතාව මේ තීරණාත්මක ජයග්‍රහණය අප වෙත ලබාදී තිබෙන්නේ, පසුගිය අවුරුදු පහ පුරාවටම පැවති මේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත එපා වී ඇති නිසාය.

එම නිසා කිසිවෙකුටත් කරදරයක් නොවෙන ආකාරයට හැසිරීම අපි පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමකි.

පසුගිය අවුරුදු පහ මුලුල්ලේ වත්මන් ආණ්ඩුවේ දඩයමට හා අසාධාරණකම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කිරීම පිණිස අපි විශේෂ වැඩපිළිවෙලක් යොදන බවට මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිමි.

අපගේ ප්‍රතිවාදීන් 2015 දී කළ ආකාරයට නොයෙක් පටු දේශපාලන න්‍යාය පත්‍රයන් සහිත ජාතිවාදී, ආගම්වාදී බලවේග එකතුකරගෙන මෙවරත් ජනවරම කොල්ලකෑමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීම ගැන මම ශ්‍රී ලංකාවාසී ජනතාවට මාගේ ප්‍රණාමයපුද කර සිටිමි.

ජාතිවාදය වපුරවමින් කරන මේ භයානක දේශපාලන සූදුව අවසන් කිරීමට කාලය දැන් එළඹී තිබේ.

මේ ජනාධිපතිවරණය මීට කළින් පැවති සියලුම ජනාධිපතිවරණ වලට වඩා බෙහෙවින්ම වෙනස් වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇති කර තිබෙන ව්‍යාකූලතාවය නිසාය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු, 19 වනව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්වය ගැන සමාලෝචනයක් කර, පවතින නීතිමයරාමුව තුළ ඉදිරි කටයුතු කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු.

අවුරුදු පහක් මුලුල්ලේ අයාලේ ගිය රට යළිත් හරි මඟට ගැනීමට අපට දැන් අවස්ථාව උදාවී ඇත.

අපගේ අපේක්‍ෂකයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්තිප්‍රකාශනයේ සඳහන් පරිදි,මේ සඳහා රටේ ආර්ථිකය මුල සිට ගොඩනැගීමටමෙන්ම රටේ පාලන තන්ත්‍රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට සිදුවෙනු ඇත.

මේ පිළිබඳව තව නොබෝ දිනකින් වැඩි විස්තර අපි ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

මේ මැතිවරණයේදී ප්‍රකාශ වී ඇති ජනවරම හමුවේ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කරනු ඇතැයිඅපි බලාපොරොත්තු වෙමු.

අපගේ මාතෘ භූමියටත්, සියලු දේශමාමක ශ්‍රීලාංකිකජනතාවටත් ජයවේවා!”

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img