32 C
Negombo
32 C
Negombo

ජවිපෙ අපේක්ෂකයාට ඇපත්නෑ

-

මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් මාලිමාව යටතේ තරඟ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැවැන්ත පසුබෑමකට ලක් තිබේ.

මෙම ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා ලබා ගන්නා ලද්දේ ඡන්ද 418,553 වන අතර එය 3.16% ක ප‍්‍රතිශතයකි.

මෙම පසුබැසීම ජනතා විමුක්ති පෙරමුණ මෑත කාලයේදීය ලද විශාලතම පසුබෑම වෙයි.

මෙම පසුබෑම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හිතවාදී සමාජ ජාල පිටුවල දැඩි විවේචනාත්මක අදහස් පළ වන්නේ පක්ෂ නායකත්වය සහ පක්ෂයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි.

මෙම මේ ප්‍රතිඵලය අනුව ජනතා විමුක්ති පෙරමුණ මීළඟ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආසන තුනකට හතරකට වඩා අඩු ප්‍රමාණයකට සීමා වීමේ වැඩි ඉඩක් පවතී.

එමෙන්ම ජනාධිපතිවරණ නීති අනුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාට ද ජනාධිපතිවරණය වෙනුවෙන් තැන්පත් කරන ලද ඇප මුදල රාජසන්තක වෙයි.

මෙවර ජනාධිපතිවරණයෙන් ඇප මුදල් නිදහස් වන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා පමණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.