පාර්ලිමේන්තු සැසිය අදින් අවසන්- අලුත් සැසිය 2020 ජනවාරි 3

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය 2 ඊයේ රාත්‍රීයේ අවසන් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් පර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරී 3 වැනිදාය.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම හා අවසන් කෙරුණු පාර්ලිමේන්තුව යළි විවෘත කිරීමට අදාළ ගැසට් නිවේදනය  (02) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරිණි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම,පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය යනුවෙන් ඒ වගන්තියේ සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නා වූ ප්‍රකාශනයෙන් ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුතු බවත් ඒ දිනය ප්‍රකාශනයේ දින සිට මාස දෙකක් නොඉක්මන දිනයක් විය යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.

නව ජනාධිපතිවරයෙකු පත් වූ පසුව පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර නැවත සැසිවාරය විවෘත කිරීම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායකැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකවන කමිටු විස්සක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී යනු ඇත.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ පසුව ඒ කමිටුවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු නිලධාරීහු  පවසති.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img