පාර්ලි‌‌මේන්තු මැතිවරණයේදී පොහොට්ටුව දිනනවා -රිමෝට් එක මට දෙන්න මෛත්‍රී

-

පාර්ලි‌‌මේන්තු මැතිවරණයේදී ජනතාව ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ජන්දය දීම කිසිවෙකුට වැළැක්විය නොහැකිබව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත්ජාතික පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ එමපක්ෂයේ මිගමුව ආසනබලමණ්ඩලය අමතමිනි එමපක්ෂයේ මිගමුව සංවිධායක නාගරික මන්ත්‍රී කපිල නන්ද සුලෝචන මහතා විසින් සංවිධානය කරතිබූ බලමණ්ඩල රැස්වීම පෙරියමුල්ල අකෂ්මා උත්සව ශාලාවේදී  දෙසැම්බර් මස 1 දින පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල ගුණරත්න මහතා රජයේ හොද වැඩට සහයදෙමින් රජය නිවැරදි දිසාවට ගමන්කරවිම සදහා පාර්ලිමේන්තුවේ තීරක බලය තම පක්‍ෂයට ලබාගැනීම සදහා පක්‍ෂයාන්ත‍්‍රණය සංවිධානය කලයුතුබව පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා පත්වීමෙන් පසු පිහිටවූ නව රජය බදුමුදල් අඩුකර ඇතිබවත් පිඩාවට පත්වසිටි ජනතාවට එය සහනයක් එය හොද දෙයක් නගර වල එකතුවන කුනුටික බැහැරකිරීමට සාර්ථක වැඩපිළිවෙලක් වසර පහකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කරගත නොහැකිවූ  එකසත් ජාතික පක්ෂය නගරවල කුණු ඉවත්කිරීමට පරිසර පොලිසිය සම්බන්ධ කරගැනීම විවෙචනය කරන බවත් කවුරුන් හෝ යොදවා කුණු ඉවත්කර පරිසරය පවිත්‍රකිරීම හොද දෙයක්ලෙස තම පක්ෂය දකිනබවද ඒ මගින්  ඩෙංගු නිසා අහිමිවන ජිවිත බේරා ගැනීමට හැකිවන බවත් ගුණරත්න මහතා සදහන්කළේය.

මෙරජය පත්කර ඇති ඇමති මණ්ඩලය ගැන සන්තෝෂ විය නොහැකිබවත් පත්කර ඇති සංචාරක ඇමතිතුමාට සහ රාජ්‍ය අමාත්‍ය තුමාට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විදේශ වලට ගොස් සාකච්චා කර සංචාරකයන් ගෙන්වා ගැනීමට හැකිදැයි  ලොකු ප්‍රශ්නයක් ඇතිබව ද ගුණරත්න මහතා පැවසිය.

මේ රටට සේවය කිරීමට ජනාධිපතිතුමාට උවමනාවක් ඇත්නම් ඇමතිවරු පත්කිරීමේදී හැකියාව ඇති විෂයගැන දැනීමක් ඇතිය පත්කරනනැයි ගුණරතන මහතා ඉල්ලීමක් කළේය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here