කොමිසම අවංකයි වැඩකටයුතු හොඳින් කරාවි-කාදිනල් හිමිපාණන්

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද(07) දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැය දෙකහමාරක පමණ කාලයක් සාක්ෂි ලබාදුන්නේය.

ඊයේ(06) දිනයේදී පැය 4ක පමණ කාලයක් සාක්ෂි දුන් උන්වහන්සේ අද ප්‍රකාශ කළේ ජනාධිපති කොමිසම කෙරෙහි තමන්ගේ විශ්වාසයක් ඇති බවයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා අද පෙරවරු 9.30ට පමණ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

ඊයේ දිනයේදී පැය 04ක පමණ කාලයක් සාක්ෂි ලබාදුන් කාදිනල් හිමිපාණන් අද පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාක්ෂි ලබාදී තිබේ.

උන් වහන්සේ අද දිනයේදී සාක්ෂි ලබාදෙන ආකාරය මාධ්‍යයට විවෘත වූයේ නොමැත.

එහිදී අදහස් දක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මේ බව පැවසීට.

“දන්න කරුණු බෙදාගත්තා“

ප්‍රශ්නය – ඔබවහන්සේ ඊයේ කොමිසම හමුයේ සඳහන් කරලා තිබ්බා මේ සිදුවීම වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රටේ නායකයින් වගකියන්න ඕනේ කියලා.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසම වාර්තාවක් ඉදිරිපත් කරයි
වාර්තාව එනතුරු මුකුත් කියන්නේ නෑ

ප්‍රශ්නය – රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් නෛතික පියවර අරන් තියෙනවා. නමුත් දේශපාලන නායකයින් සම්බන්ධයෙන් කිසිඳු නෛතික පියවරක් අරන් නෑ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසමේ නිගමනවලට බාරදෙමු. නිර්දේශ කරාවි. රජය අවශ්‍ය දේවල් කරාවි අපි බලාපොරොත්තුවෙනවා

ප්‍රශ්නය – පසුගිය රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් කියලා තිබ්බා එතුමගේ පියාණන් කිව්වා කියලා පූජාවට යන්න එපා එහෙම කියලා. ඒ පිළිබඳව කොමිසමක අධ්‍යයනයට ලක්වුණේ නෑ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – ඇමති කියපු දෙයක්

ප්‍රශ්නය – ඇමතිවරයා ඔබවහන්සේව දැනුවත් කරලාවත් තිබුණේ නැද්ද ඒ පිළිබඳව?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – දැනගෙන හිටියේ නෑ

ප්‍රශ්නය – ඔබවහන්සේට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසම අවංකයි වැඩකටයුතු හොඳින් කරාවි

ප්‍රශ්නය – මීට පෙරත් කොමිසමක් දැම්මා. ඒවගේම නෛතික නඩුත් තිබුණා. නමුත් මේ වෙනකන් සාධාරණයක් ඉටුවෙලා නෑ. මේ කොමිසම ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – විශ්වාස කරන්න පුළුවන්

ප්‍රශ්නය – ඔබවහන්සේට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා දැනුම්දීමක් කළා ද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – පූර්ව දැනුම්දීමක් කරලා තිබෙන බව දැනගත්තා

ප්‍රශ්නය – ජනාධිපතිතුමක් ඔබවහන්සේව හමුවුණා. එතුමාගේ මතය මොකද්ද?

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් – කොමිසම අනුමත කරනවා . අපේ පැත්තෙන් කාවත් නම් කරන්න කැමති වුණේ නෑ  පක්ෂග්‍රාහී ලේබලය ඇලවෙන නිසා. පත්කර සිටින අය විශ්වාසයි.

අදදෙරන

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img