සියලූ මනුෂ්‍යයනට සමව සලකන කුළුණුබර සමාජයක් ගොඩනගමු -උදාවූ නත්තල බියෙන් සැකෙන් තොරව සමරන්න

උදාවූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුළ දැන් ගොඩනැඟී තිබේන බව ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා පවසයි උදාවූ නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් එතුමා මේබව සදහන් කරයි නත්තල් සම්පුර්න පණිවුඩය පහතින් පළවේ

ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප‍්‍රීතියක් දනවයි.

නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීමයි. ඒ සඳහා ජීවිත ආවර්ජනයෙන් පාපී සිතුවිලි සම්පූර්ණයෙන් බැහැර කොට ප්‍රේමයෙන් හා දයාවෙන් හදවත් පුරවා ගත යුතුය. ජේසු සමිඳාණන් සකල ලෝකවාසීන්ට පෙන්වාදුන් අධ්‍යාත්මයේ මග අප හෙළි පෙහෙළි කරගත යුතුය. එය සදාතනික ජීවිතය ද වන බව කිතු දහමෙන් අර්ථ ගන්වයි.

දේව දූත ගීතිකා හඬ අපට කියන්නේ ” සුසිත් දනන් හට සාමය වේවා ” යන්නය. අපගේ ප‍්‍රාර්ථනය ද කැපවීම ද එවන් වූ සුසිත් දනන් පිරි සමාජයකි. දෙව්පියාණන්ගේ ආශිර්වාදය ද, කැමැත්ත ද එයම බව අපි දැඩිව විශ්වාස කරමු. එ සේ ම දේවාශිර්වාදය ලැබූ පුදබිම් පසුගිය කාලයේ විඳි වේදනාත්මක අත්දැකීම නැවත අත් නොවිඳිමට අප වගබලා ගත යුතුය. උදාවූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුළ දැන් ගොඩනැඟී තිබේ. එය කරුණාබර හදවත් ඇති සියලූ මනුෂ්‍යයන්ගේ ප‍්‍රාර්ථනාව ඉටු වීමක් සේම දැඩි වේදනාවටත්, කම්පනයටත් පත් සියලූ හදවත්වලට සැනසුමක් උදාකරවයි. ජේසු සමිඳාණන් දේශනා කළ පරිදි සියලූ මනුෂ්‍යයනට සමව සලකන කුළුණුබර සමාජයක් නිර්මාණය කිරීමට මේ උතුම් නත්තල් දිනයෙහි අපි නැවත අධිෂ්ඨාන කර ගනිමු.

උන්වහන්සේගේ දහමෙන් පෝෂණය වූ සමාව දීම, මනුෂ්‍යත්වය, ආදරය ආදී වූ උත්තුංග සදූපදේශයන්ගේ ශුභාරංචිය ගම්දනව් සිසාරා පැතිර ලක්වාසී සියලුම කිතුනු ජනතාවටත්, ලෝකවාසී සැමටත් සෞභාග්‍යමත් නත්තලක් වේවායි ප‍්‍රාර්ථනය කරමි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img