නිලධාරීන් සභාගැබේදී දුරකථන වල එල්ලිලා – මහජන නියෝජිතයන්ගේ අදහස්වලට සවන්දෙන්නේ නැහැ

නාගරික කොමසාරිස් තුමිය සහ ලේකම් වරිය මහජන නියෝජිතයන්  මහාසභාවේ සිදුකරන අදහස් දැක්වීම්වලට අවධානය යොමු නොකර ජංගම දුරකථනවලින් කතාකරමින් සිටීන නිසා දුරකථන සංවාද අවසන් වනතෙක් තමාගේ කතාව නතරකරන බවත් එමෙන්ම තමා දන්නා පරිදි සභාගර්භය තුල දුරකථන භාවිතා කල නොහැකිබවද නාගරික මන්ත්‍රී දයාල් නිලංග ද සිල්වා මහතා පැවසිය.

දීපිකා අප්පුහාමි නාගරික මන්ත්‍රිවරිය  ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසලක් ආරම්භ කිරීම සදහා ඉදිරිපත් කල යෝජනාව පිලිබදව  මන්ත්‍රීවරයා අදහස් දක්වමින් සිටියදී ලේකම් වරිය සහ කොමසාරිස් වරිය ජංගම දුරකථන ඇමතුම්වල නිරතව සිටීම නිසා දයාල් නිලංග ද සිල්වා මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේය.

මිගමුව ම්හානගර සභාවේ ජනවාරි මස මහාසභා රැස්වීම පුරපති දයාන් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරිමස  2 දින  මිගමුව මහනගර සභාවේ රැස්වීම ශාලාවේදී පැවත්විණි.

දීපිකා අප්පුහාමි නාගරික මන්ත්‍රිවරිය ( ශ්‍රීලනිප)

ඉංග්‍රීසි ගෝලීය භාෂාවක් ලෝකය සමග ගනුදෙනු කිරීමට විශ්ව දැනුම ලබාගැනීමට ඉංග්‍රීසි  දැනසිටීම වැදගත් සාධයක් දරුවා කුඩා කලසිටදැනුමෙන් සන්නද්ධ කලයුතුයි.නගර සභා බලප්‍රදේශයේ සිටින දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම ආරම්භ කිරීමේ පලමුපියවර සදහා  ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසලක් ආරම්භ කිරීම සදහා ඉදිරිපත් කල යෝජනාවට සියලු දෙනාගේම සහයෝගය අපේක්‍ෂා කරනවා.

නාගරික මන්ත්‍රී සේපාල මොරවක  (ශ්‍රීපොපෙ)

අභ්‍යාසපොත් ලබාදීමේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුවී තිබෙනවා පොත් ලබාගැනීම සදහා රාත්‍රී 10.00 පමණ වනතුරු  මන්ත්‍රීවරුන්ට රස්තියාදු වීමට සිදුවුනා.

නාගරික මන්ත්‍රී  ඇන්ටනි ජයවීර (ශ්‍රීපොපෙ)

නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා වගකීමෙන් කටයුතු කරන්න මන්ත්‍රීවරයෙකු උනත් වැඩක් නැහැ බුද්ධිය නැත්නම් පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු සංස්කෘතියක් ඇතිවුනේ ඒ නිසයි.

නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු (එජාපය )

මෙය කාලෝචිත යෝජනාවක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ළදරු පාසලේ අධ්‍යාපනය ලබන දරුවාට ඉදිරි අධ්‍යාපන කටයුතු ඉංග්‍රීසියෙන් කරගෙන යාමට අවශ්‍ය පරිසරය ඇතිකල යුතයි.

 

නාගරික මන්ත්‍රී කැලිසන් ජයකොඩි  (එජාපය )

ඉතාමත් හොද යෝජනාවක් ඉංග්‍රීසි කියන්නේ  ජ්‍යාතන්තර භාෂාවක්

නාගරික මන්ත්‍රී ගාමිණී ප්‍රනාන්දු (ජවිපෙ)

අධ්‍යාපනය සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනඒම  පිලිබදව ස්තුතිවන්ත වෙනවා ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසලක් ආරම්භ කලපමනින් අධ්‍යාපනය සංවර්ධනය වන්නේ නැහැ පෙර පාසැලෙන් පසු එතැනින්එහාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙලක් තිබෙනවද.

 

දයාන් ලාන්සා නගරාධිපතිවරයා (ශ්‍රීපොපෙ)

ලක්‍ෂ 100 ක පමණ අභ්‍යාස පොත් මුද්‍රණය සදහා  ඇනවුමක් බාරදී තිබෙනවා පොත් ලැබීමේ ප්‍රමාදයක් සිදුවී තිබෙනවා ඉදිරි දින වලදී ඉතිරි පොත් ලැබුණු පසු මේ ගැටලුව වීසදෙනවා

නිලධාරීන් සම්බන්දයෙන් ප්‍රසිද්දියේ දිගින් දිගටම චෝදනා නොකර ගැටළු ඇත්නම් කාර්යාල තුලදී නිරාකරණය කරගන්න.

කපිල නන්ද සුලෝචන එම ටි එම නස්මිහාර් ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් ද අදහස් දැක්විය

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img