ග්‍රාම ශක්ති වැඩසටහනට නව මුහුනුවරක්

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාම ශක්ති වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රගතිය සොයා බැලීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දින වත්තල සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී පැවැත්විණි.

2030 වන විට කිසිවකුත් දිළින්දකු නොවිය යුතුය යන සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අරමුණු කරගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නව මුහුණුවරකින් යුක්තව ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමීය ජනතාව තුළින් ඔවුන්ගේ අවශ්‍යතා හදුනාගෙන එම පිරිසගේ දායකත්වය ඇතිව ප්‍රජා සංවර්ධනය සිදු කිරීම මෙම ග්‍රාම ශක්ති වැඩසටහනෙහි ඇති විශේෂත්වයයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩසටහනේ ප්‍රගතිය, පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රාදේශීය සමාලෝචන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

රජය විසින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන පිළිබදව පළමුව ජනතාවට නිසි අවබෝධයක් ලබා දී ඔවුන්ව දැනුවත් කරමින් ශ්‍රී ලංකාව පූරා සාර්ථක වැඩසටහනක් බවට ග්‍රාම ශක්ති වැඩසටහන පත් කළ යුතු බවත් ග්‍රාමීය මට්ටමින් කුඩා කණ්ඩායම්  පිහිටුවීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම හරහා ගමේ සංවර්ධනය ගොඩනැගීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළින් දුප්පත්කම තුරන් කිරීම, කුසගින්න නිමා කිරීම, වසවිසෙන් තොර ආහාර රටාවක් ඇතුළු එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 සපූරාගැනීමට හැකිවන බවත් මෙම වැඩසටහන ලොකයේ රටවල් 172 ක් තුළ ක්‍රියාත්මක වන බවත් එක්සත් ජාතීන්ගේ මෙම ඉලක්ක සපුරාගැනීමේදී අනෙකුත් රටවල් අභිභවා ශ්‍රී ලංකාව සාර්ථකත්වය කරා ගෙන යාම වත්මන් රජයේ අපේක්ෂාව බව අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුටරත් පැවසීය.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය ලේකම් ටී.සී.රාජිකා මහත්මිය, ජා ඇල ප්‍රාදේශීය ලේකම් පී.ඒ.ඒ.එස් වීරසේකර මහතා, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම ශක්ති සමිති නියෝජිතයින් ඇතළු රජයේ නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img