රාජකාරියක් සදහා තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයට පැමිණි ගුවන්හමුදා බුද්ධි නිලධාරියෙකුට අයත් යතුරුපැදිය සොරකම්කර ගෙන ගොස් කොටස් ගලවා විකුණු මත්ලෝලියෙකු මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කිබුලාපිටියේ ගල්මංකඩ පදිංචි කරුවෙකු බව කියන 30 වියැති අයෙකි සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ශන වලින් පසුව යතුරු පැදිය සහ ගලවා විකුණා තිබු යතුරු පැදියේ පැතිකන්නාඩි යුගල බැටරිය සහ ඉදිරිපස ටයරය ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු තදින් මත්කුඩු පානය සදහා හුරුවූ අයෙකු බව පොලිසිය පවසයි.
මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදයකුමාර වුල්ටර් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම එස් ජයනාත් උප පොලිස් පරීක්‍ෂක චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා යන නිලධාරීන් පරීක්ෂණ සිදුකරන වැඩිදුර පරීක්ෂණ වලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුස්තකාල ජයාරුපයකි