ETI තැන්පත් කරුවන්ගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු

ඊ.ටී.අයි සමාගමේ සිදුව ඇතැයි කියන වැරදි ක්‍රියා , අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසන් සභාවක් ස්ථාපිත කරනු ලැබ ඇත.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන එම කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ විශ්‍රාමික සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී ඩී.එම් ගුණසේකර යන මහත්වරුන්ය.

මහ බැංකුවේ මැදිහත්වීමෙන් තැන්පත්කරුවන්ගේ ගනුදෙනු බේරුම් කිරීම සඳහා වත්කම් විකිණීමේදී ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම වැරදි ක්‍රියා කර තිබීම , රටේ නීතිය කඩකරමින් විදේශීය ආයතනයක්වන බ්ලු සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් වලින් සැදුම්ලත් මූල්‍ය ආයතන සමූහයකට මාධ්‍ය ආයතනයක් විකිණීම සහ ඊ.ටී.අයි සමාගමේ නිශ්චල දේපළ නීතියට පටහැනිව විදේශිකයන්ට විකිණීම යන කරුණු සොයා බැලීමට එම කොමිසමට බලය පවරා තිබේ.

ඊ.ටී.අයි සමාගමේ වත්කම් වලට ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විස් , ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් , ඊ.ඒ.පී ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ්,හෝටෙල් සැෆයර් , ස්වර්ණමහල් ජුවලර්ස් සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් යන ආයතන ඇතුළත් බවද එම කොමිසම පත්කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කොමිසමේ වාර්තාව මාස තුනක කාල සීමාවක් ඇතුළත ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා එම කොමිසමට නියම කර තිබේ

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img