වී කිලෝවකට රුපියල් 50 ක අවම සහතිකමිලක්

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුත් (තෙතමනය පිළිබඳ නිරිනායකයට යටත්ව) වී කිලෝවක් සඳහා රුපියල් 50/= අවම සහතික මිලක් නියම කෙරේ.

තෙතමනය සහිත වී කිලෝවක අවම මිල රුපියල් 45/= කි. වී මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ සහ සාධාරණ මිලකට ගොවීන්ලෙන් වී මිලදී ගැනීම සඳහා රජය මැදිහත් විය යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කොට ඇති අතර ඒ අනුව ඉහත සඳහන් මිල ගණන්වලට වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා ලෙස රජය දැනුම් දී ඇත.

2019/20 මහ කන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර එයින් මෙට්රික් ටොන් මිලියන 30ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ වී මෝල් හිමියන් පෙළඹවීම සඳහා ඔවුන්ට 8% ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 100ක පමණ ඔඩපන (Overdraft) රජය හා පෞද්ගලික බැංකු හරහා නිකුත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

ප්‍රධාන සහල් නිෂ්පාදන දිස්ත්‍රික්ක වන පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව, අම්පාර, මඩකලපුව, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මෙහෙයවීමේ වගකීම රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු වෙත පැවරීමද සිදු කෙරේ.

මිලදී ගනු ලබන වී තොග ගබඩා කිරීම සඳහා ආහාර කොමසාරිස්වරයා සතු ගබඩා වී අලෙවි මණ්ඩලයට හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වහාම පවරා දීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තිබේ

කැබිනට් තීරණ පහත දිගුවෙන්

.Cabinet Decision (S)on 22.01.2020

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img