කිරි අම්මාවරුන්ට දානේදෙන්න සම්මාදම් ඇවිත් ලක්‍ෂ 25 ක් සොරකම්කර මාට්ටුවෙයි video සහිතයි

කිරි අම්මාවරුන් සදහා දානයක් දීමට සම්මාදම් එකතුකරන මුවාවෙන් පැමිණ නිවසක සාලයේ අත්බැගයක් තුල තිබු රුපියල් ලක්‍ෂ 25 ක මුදලක් සොරකම්කළ 62 හැවරදි කාන්තාවක් පෙබරවාරි මස 10 වන දිනදක්වා රක්ෂිත බනධනාගර ගතකරනලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ සිදුව මුකලන් ගමුවේ පදිංචිකාරියක බවකියන සුනන්දා මානෙල් නැමැත්තියකි.

මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් 33074 නානායක්කාර  නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව සිදුව වලපල පාරේ බෝඩින් කාමරයක සැගවසිටි සැකකාරිය 27 දින අත්අඩංගුවට ගෙන  ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව  සහල් මුට්ටියක් තුල සගවා තිබු රුපියල් 1990000 ක මුදලක් සහ සොරකම් කල මුදල් වලින් මිලදීගෙන තිබු රුපියල් 336500 ක් වටිනා ස්වර්ණාභරණ අපොලිසිය විසින් සොයාගෙන ඇත.

මත්ද්‍රව්‍ය චෝදනාවකට දැනට රක්ෂිත බන්ධනාගාර ගතව ඇති විත්තිකරියගේ පුතෙකුගේ නඩුකටයුතු සදහා අවශ්‍ය නීතිඥ සහාය ලබාගැනීම සදහා සහ තව්ත්දේ ඉතිරි  මුදල වැයකර ඇතිබව විමර්ශන වලදී අනාවරණය වී  ඇතිබව ද වාර්තාවේ.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ එම එස් ජයනාත මහතා විසින් මෙම සොරකම පිළිබද       සිදුකල විමර්ශනවලට අනුව මෙහි පැමිණිලිකාරිය වන මිගමුව වෑබඩ පාරේ පදිචි එච් ඩි ඈන් සුනිලා නමැති අය බස්රථයක් මිලදීගැනීම සදහා විදේශ ගතව සිට නිවාඩුවට පැමිණි සැමියා සමග ගොස් මීගමුවේ බැංකුවකින් ලක්‍ෂ 25 ක මුදලක්  ජනවාරි 17 දින බැංකුවෙන් රැගෙනවිත් ඇත.

18 වනදින සවස අත්බෑගයේ තිබු මුදල් ගැනීමට බෑගය විවෘතකල අවස්ථාවේදී බෑගය තුල තිබු මුදල් නොමැතිබව දැක මුදල් වලට සිදුවූ දෙය නොදන්නා නිසා මුදල් අස්ථානගත වුබවට පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

නිවසේ තිබු ආවේක්ෂණ කැමරා පද්ධතිය(CCTV) පරික්ෂා කලත් එහි   දර්ශන නොපෙන්වන නිසා කාර්මිකයන් ගෙන්වා කැමරා කැමරා පද්ධතිය පරික්ෂා කිරීමක් සිදුකරවගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පටිගත වීම දර්ශනය නොවන නමුත් දත්ත ගබඩාවේ දර්ශන පටිගතවී ඇතිබවයි.

එම දර්ශන විමර්ශනයේදී පරීක්‍ෂාකිරීමේදී 18 වනදින සවස 3.25 ට පමණ විවෘතව තිබු ඉදිරිපස දොරෙන් සාලයට තුන්වතාවක් ඇතුළුවී පිටතට පැමිණි කාන්තාවක් හතරවන වතාවේ මුදල් බණ්ඩලය අතැතිව නිවසින් පිටව යන දර්ශනය දැකගැනීමට ලැබී ඇත.

මේ අනුව මේ පැමිණිලි කාරිය විසින් 27 වනදින පොලිසියට පැමිණ එම දර්ශන සමග නැවත මුදල් සොරකම පිලිබදව  පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම ආවේක්ෂණ කැමරාදර්ශන (CCTV) අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කල මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී විසින් සැකකාරිය සමග මුදලින් රුපියල් 1990000 කක් සහ සොරකම් කල මුදල් වලින් මිලදීගෙන තිබු රුපියල් 336500 ක් වටිනා ස්වර්ණාභරණ  අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව කොට්ටාශයේ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව මුලස්ථාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ අධික්ෂණ යටතේ පොලිස් පරීක්ෂක ජේ එම එස් ජයනාත මහතා  සිදුකල මෙම විමර්ශන කටයුතු සදහා උපපොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් පොලිස් කොස්තාපල්වරුන් වන 45148 පෙරේරා ,37934 දිසානායක 33074 නානායක්කාර  සහ කාන්තා පොලිස් කොස්තාපල් 11215 කුමාරි යන නිලධාරින්ද සහභාගී වී ඇත.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img