හෙටසිට යාපනයට උඩින් යන්න රුපියල් 7500 යි

කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් හෙට (01) සිට ඇරඹේ. රට තුල අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මක බව කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙරට අභයන්තර ගුවන්සේවා පුළුල් කරන බව සහතික වී තිබේ. ඒ අනුව යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතවද අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇත. යාපනය පලාලි නව අභ්‍යන්තර ගුවන්සේවය ආරම්භ කෙරෙන්නේද මෙම වැඩසටහනට අනුව බව ඇමතිවරයා පෙන්වා දෙයි.

රත්මලාන ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන්තොටුපල කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පවසන්නේ ෆිටිස් ගුවන් සමාගම මෙම ගුවන් යානය යොදවා ඇති බවයි. ATR 72 වර්ගයේ මගීන් 70 ක් එකවර ගෙනයා හැකි ගුවන්යානයක් අදාල සමාගම විසින් මේ සදහා යොදවා ඇත. සෑම සෙනසුරාදා, සදුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි. රත්මලානෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ කරන මෙම ගුවන් යානය පලාලි ගුවන්තොටුපලට ලගා වන්නේ පෙ.ව. 8.30 ටයි. නැවතත් පෙ.ව. 9.30 ට යාපනය පලාලි ගුවන්තොටුපලෙන් මෙම ගුවන් යානය රත්මලාන බලා පිටත්ව ඒමට නියමිත බව රාජපක්ෂ මහතා සදහන් කරයි. ඒ අනුව පළමු ගුවන් යානය හෙට උදෑසන (01) පෙ.ව. 7.30 රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය බලා ගමන් කිරීමට නියමිතයි. යාපනය සහ චෙන්නායි අතර ගුවන් යානයක් යාපනය පලාලි ගුවන්තොටුපලේ සිට ගමන් කරන අතර එය ඉලක්ක කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන්සේවය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

කොළඹ හා යාපනයයට ගමන් කිරීම සදහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 7500 කි. ඒ අනුව කොළඹ සිට යාපනයට ගොස් නැවත ආපසු කොළඹ පැමිණිම සදහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රු 15000 ක් බව රාජපක්ෂ මහතා කියයි. මීට පෙර යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වූ කාලයේ දි එක් මගියෙකුගෙන් ඒ සදහා රුපියල් 33,000 මුදලක් අය කෙරුණි.

2002-2004 ඊනියා සාම ගිවිසුම කාලයේදි යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණු අතර පසුගිය යුධ සමයේදි ලයන් එයා ගුවන් යානයක් කඩාවැටිමේ සිද්ධියත් සමග යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් සම්පුර්ණයෙන්ම නතර විය. 2009 යුධ ජයග්‍රහණයෙන් පසු නැවත යාපනය කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරුණද A9 මාර්ගය විවෘත වීමත් සමග මගීන් වැඩි වශයෙන් එම මාර්ගය භාවිතා කිරීම නිසා අභ්‍යන්තර ගුවන් ගමන් අඩාල විය. යාපනය කොළඹ අතර එම කාලයේදි අභ්‍යන්තර ගුවන් ගමන් සදහා භාවිතා කෙරුනේ මගීන් 12 කට පමණයක් යා හැකි කුඩා ගුවන් යානාය. ඒ අනුව මගීන් 70 ක් එකවර ගෙන යා හැකි ගුවන් යානයක්  නියමිත කාල සටහනකට අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සදහා යොදවන මෙරට පළමු අවස්ථාවද මෙය වෙයි.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img