චීනයේ වුහාන් හි රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස ආරක්ෂකාරීව මව් රටට රැගෙන ඒම රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාව ලබාගත් සුවිශේෂී ජයග්‍රහනයක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ජයග්‍රහනයක් ලෙස අද (01) උදෑසන චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ශ්‍රි ලංකා රජය සමත්විය.

කොරෝරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ ශ්‍රි ලාංකික සිසුන් පිරිසක් කොටු වී සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී කටයුතු කර අතර චීනයේ සියලු තානපති අංශ ද මේ සඳහා ක්‍රියාකාරී ලෙස මැදිහත් විය.

චීන රජය මේ අවස්ථාවේ දී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට සුබවදී ප්‍රතිචාරයක් දැක්වීම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප මෙන් ම විශ්වාසදායක විදේශ ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිගත් චීන රජය මෙතෙක් වුහාන් නගරයේ රැදීසිටි ශ්‍රී ලාංකික සිසුන් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට පියවර ගත්තේ ය. ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික සමබඳා ඔස්සේ ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ රැදී සිටින විදේශීය වැසියන් පිටත් කර එවීමට අවසරය ලබදුන් සිව්වැනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. එය රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහනයකි.

චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන් ආරක්ෂා කාරීව ශ්‍රීලංකාවට එවීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති චෙං ෂුවාන් මහතා ඊයේ (31) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ද ප්‍රකාශ කර තිබේ.

news.lk

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img