ඔබට ගෙයක්, රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන දින 60 කදී නව නිවසක්

ඔබට ගෙයක්, රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස වැඩසටහනත් ඇරඹේ.

ඔබට ගෙයක්, රටට හෙටක් යන සංකල්පය මුල්කරගෙන රට පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික නිවාස වැඩසටහන යටතේ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තිඹිරිගස්යාය ග්‍රම සේවා වසමේ දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර දීමේ කටයුතු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධාන්තවයෙන් අද(01) දින ආරම්භ කරනු ලැබීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,022 ක මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

දින 60 ක් තුළ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බවත්, ලංකාවටම ආදර්ශයක් වෙමින් මෙම නිවසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කර නිවාස ලාභියාගේ නිවාස සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී පැවසීය.

ලංකාව පුරා සිටින දිළිදු පවුල් වල නිවාස අවශ්‍යතාවය කඩිනමින් සපුරාලීම සදහා මෙම වැඩසටහන වඩාත් ප්‍රායෝගික වැඩසටහනක්  බවත් ග්‍රාම සේවා වසම් 14,022 ක තුළ නිවාස 14,022 ක් ඉදිකිරීමෙන් පසු දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කරනු ඇති බව අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය ලේකම් පී.ඩී.ජී.රාධිකා, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

ප්‍රසාද් බටුගහගේ

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img