ඔබට ගෙයක්, රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන දින 60 කදී නව නිවසක්

ඔබට ගෙයක්, රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස වැඩසටහනත් ඇරඹේ.

ඔබට ගෙයක්, රටට හෙටක් යන සංකල්පය මුල්කරගෙන රට පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික නිවාස වැඩසටහන යටතේ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තිඹිරිගස්යාය ග්‍රම සේවා වසමේ දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර දීමේ කටයුතු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධාන්තවයෙන් අද(01) දින ආරම්භ කරනු ලැබීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,022 ක මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

දින 60 ක් තුළ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බවත්, ලංකාවටම ආදර්ශයක් වෙමින් මෙම නිවසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කර නිවාස ලාභියාගේ නිවාස සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී පැවසීය.

ලංකාව පුරා සිටින දිළිදු පවුල් වල නිවාස අවශ්‍යතාවය කඩිනමින් සපුරාලීම සදහා මෙම වැඩසටහන වඩාත් ප්‍රායෝගික වැඩසටහනක්  බවත් ග්‍රාම සේවා වසම් 14,022 ක තුළ නිවාස 14,022 ක් ඉදිකිරීමෙන් පසු දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කරනු ඇති බව අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය ලේකම් පී.ඩී.ජී.රාධිකා, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

ප්‍රසාද් බටුගහගේ

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img