ගොන්නු අතර මොලේ තිබෙන දේශපාලඥයින් ද සිටින බව නිලධාරීන් තේරුම් ගතයුතුයි- ඇන්ටනි ජයවීර

මිගමුව මහනගර සභාවමගින් ඉදිකරන  පුස්තකාල ගොඩනැගිල්ලේ අසතුටුදායක ප්‍රගතියනිසා ඩඩ්ලි සේනානායක පොදුවෙලද පොළ භුමියේ ඉදිකිරීමට යෝජිත සාප්පු සංකීර්ණය ඇතුළු බහුමහල් ගොඩනැගිලි ව්‍යාපෘතිය සදහා සංවර්ධන අරමුදලින් ඉල්ලුම්කළ රුපියල් මිලියන 400 ක නයමුදල අනුමතවී නැතිබව දයාන්ලාන්සා නගරාධිපතිවරයා පවසයි.

නගරාධිපතිවරයා මෙම තොරතුරු අනාවරණය කලේ මෙම මස ම්හාසභාවට යෝජිත ව්‍යාපෘතියේ කොටසක් ඉදිකිරිම සදහා හදිසි යෝජනාවක් ඉදිරිපත් කරමිනි.වසර හතරක කාලයක සිට ඉදිවෙමින් පවතින මිගමුව නගරසභාවේ පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ප්‍රමදවිමද මෙම නයමුදල අනුමත නොවීමට බලපෑබවද නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නාගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර ශ්‍රීලංකා පොදුජන පෙරමුණමේ යෝජනාව මුදල්කාරක සභාවට ඉදිරිපත් කල අවස්ථාවේදීත් ටෙන්ඩර් කල අන්දම පිලිබදවත්  තමන් විරුද්ධ වූ බවත්  මේගැන පුන පුනා කියද්දීත් නගරාධිපතිතුමා අසීරුවට පත්කරමින් නගරසභාවේ සිටින පණ්ඩිත නිලධාරීන් සිදුකල වැරදි පසුව හෝ නිවැරදි කිරමට කටයුතු කිරීම පිලිබදව ස්තුති වන්තවන බව නාගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර මහතා විවාදයට එක්වෙමින් පැවසිය.

දේශපාලඥයින් ගොනාට ඇන්දීමට එන්න එපා යයි නිලධාරීන්ගෙන් ඉලිල්මක් කල ඇන්ටනි ජයවීර නාගරික මන්ත්‍රී වරයා  ගොන්නු අතර මොලේ තිබෙන දේශපාලඥයින් ද සිටින බව නිලධාරීන් තේරුම් ගතයුතුබවද  ප්‍රකාශ කළේය.

ගොඩනැගිලි අනුමත කිරීමේ කමිටුවේ බලතල නිලධාරී දෙදෙනෙකු විසින් අත්පත්කරගෙන් සතිදෙක තුනකින් අනුමත කළහැකි අයදුම් පත් අනුමත නොකර මාස ගණන් ජනතාව රස්තියාදු කරනබවද සදහන් කළේය.

පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා ලබාදුන් අවුරුද්දක කාලය අවසන් වී තවත් මාසහයක් කොන්ත්‍රාත් කරුට කල්දුන් බවත් කොන්ත්‍රාත් කරු වැඩකරන්නේ නැත්නම් අවුරුදු දෙකකින් ඉවත්කළ හැකිබවත්  ඒක නොකර නිලධාරී කිහිපදෙනෙක් මේක කනවා යයිද  මන්ත්‍රීවරයා නිලධාරීනට බරපතල  චෝදනාවක් කළේය.

නාගරික මන්ත්‍රී දයාල් නිලංග ශ්‍රීලංකා පොදුජන පෙරමුණනිතිය දැන දැන නිලධාරීන් කරන මේ වැරදි නිසා සමස්ත මන්ත්‍රී මණ්ඩලයම අපහසුතාවයට පත්වෙනවා නිලධාරී මණ්ඩලය හසුරුවන කොමසාරිස් තුමිය නිලධාරීන් කරන කටයුතුවලට වගකිව යුතුබව විවාදයට එකතුවෙමින් දයාල් නිලංග නාගරික මන්ත්‍රීවරයා පැවසිය.වැඩිදුරටත් කරුනු දක්වූ නාගරික මන්ත්‍රිවරයා ජනතාවට සේවයකරන්න බැරි නිලධාරින් ස්ථාන මාරුවක් අරගෙන යායුතු බවද පැවසිය.

නාගරික මන්ත්‍රී  ගිහාන් ප්‍රනාන්දු නාගරික එජාපබස්නැවතුම්පොළ අවුරුදු ගණනක් ඇදගෙන ගියබ්වත් පුස්තකාල යත් අවුරුදු ගණක තිස්සේ හදනබව පැවසූ එකසත් ජාතික පක්ෂයේ  ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා  හොද සමාගමක් තෝරා ටෙන්ඩරය ලබාදිය යුතුබවත් තමන් අදහස් ඉදිරිපත්කරන්නේ කඩේ යාමට හෝ විරුද්ධවීමට නොව මීගමුවට හොද ව්‍යපෘති ක්‍රියාත්මක කරවා ගැනීමට බව ප්‍රකාශ කළේය.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img