මීගමුව මහ නගර බල සීමාවේ ඉඩම් ඔප්පු ලබාදීමේ මුලික සාකච්ජාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලංකාව පුරා ක්‍රියත්මක වන පවුල් දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන යටතේ මීගමුව මහ නගර බල සීමාවේ නීත්‍යානුකූල ඉඩම් ඔප්පු අහිමි පවුල් සදහා ඉඩම් ඔප්පු ලබා දීම සදහා වන ගැටළු හදුනාගැනීමේ මූලික සාකච්ජාවක් අද (14) දින ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පාතිමාවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී 18 කුරුදුවත්ත, 19 ජනපද මාවත, 20 පාතිමාවත්ත ගම්මාන වල නිත්‍යානූකූල ඉඩම් ඔප්පු ලබා ගැනීමට අදාළව පවතින ගැටළු දීර්ඝ වශයෙන් සාකච්ජා කරනු ලැබීය.

හදුනාගත් ගැටළු අදාළ අංශ වලට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීමේ රජයේ නිවරදි ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදිරි කාල සීමාව තුළ මෙම ගැටළුව විසදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා පවසා සිටියේ මීගමුව මහ නගර සීමාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙම ප්‍රදේශයේ මාර්ග පද්ධති ගංවතුරෙන් යටවීම වැලැක්වීම සදහා ඇළ මාර්ග ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 300 ක මුදලක් මේ වන විට වෙන් කර ඇති බවයි.

යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මාර්ග, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, විදුලිය, සේවා පියස ඇතුළු අනෙකුත් පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මීගමුව හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ

ප්‍රසාද් බටුගහගේ

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img