32 C
Negombo
32 C
Negombo

ලක්‍ෂපහක්ගෙවා කුලියට ගත් කුරණ නිවසක – දවසට කසිප්පු බෝතල් 100 ක් පෙරලා

-

මිගමුව නගරයේ කුරණ පරාක්‍රම පාර අසල අතුරු මාර්ගයක වසර දෙකක් සදහා එකවර රුපියල්ලක්ෂ පහක් ගෙවා  කුලියට   ගත් පැරණි දෙමහල් නිවසක  රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලු මිගමුවකොට්ටාශයේ වංචා  විමර්ශන අංශය විසින් සැකකරුවෙකු සමග පෙරන ලද කසිප්පු බෝතල් 50 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත

මිගමුවකොට්ටාශයේ වංචා  විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදුකර ඇති අතර කසිප්පු පෙරීම සදහා සුදානම්කර තිබු ගොඩා බැරල් හයක් පෙරුම් උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

මෙතෙක් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම අනවසර ස්කාගාරයේ දිනකට කසිප්පු බෝතල් 100 ක් නිෂ්පාදනය කර ඒවා කටාන සහ දුනාගහ ප්‍රදේශවලට ගෙනගොස් අලවිකර ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

.මිගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාපොලිස් සිදුකල විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි  25582 ගුණසේන  පොලිස් කොස්තාපල්වරුන් වන 60490 සෙනවිරත්න 61836 ඉන්දික 88441 හපුවිට  82442 පෙරේරාසහ පොලිස් රියදුරු 36644  මඩවල යන නිලධාරින්ද සහභාගිවී ඇත.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.