මීගමුවේ බන්ධනාගාරයේ සිරකුටි වලින් කුඩුතොග දුරකථන විස්කි බෝතල් මතුවේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය විසින් 14 අද දින අලුයම  එකට පමණ    මීගමුව බන්ධනාගාරය තුල සිදුකල  හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ  සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනාකමින් යුත් මත්කුඩු ග්‍රෑම් 60 ඒවා කිරා ජාවාරම් කිරීම සදහා භාවිතාකරන කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සමඟ ජංගම දුරකතන 9 ක් සහ බ්ලුලේබල් හිස් විස්කි බෝතල් දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බන්ධනාගාරය තුළ සිටින රැදවියන් විසින් ජංගම දුරකථන ඔස්සේ  මෙහෙයවූ මත්කුඩු ජාවාරම් දෙකක  සැකකරුවන් මත්කුඩු සමග  මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය විසින් මෙම වසර තුලදී අත්අඩංගුවට ගෙන තිබුනු අතර .මිගමුව බන්ධනාගාරයේ ඉහල නිලධාරියෙකු මෙම නීතිවිරෝධී කටයුතු පිටුපස සිටින බවට ආරක්ෂක අංශ සැක පළකළේය

බුද්ධි අංශ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම මෙම වැටලීම සිදුකර ඇති අතර අංක 2 සහ එල් වාට්ටු දැඩි පරීක්‍ෂණයටලක්කර ඇත

මීගමුව බන්ධනාගාරය තුලින්  මෙවැනි නීතිවිරෝධී ද්‍රව්‍ය තොගයක් එකවර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය වන බවද බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img