බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) පෙරවරු 6.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.
කොරෝනා වෛරස අධි අවදානම් ලෙස හඳුනා ගෙන තිබෙන බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වෙයි.





