කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 7 ක්

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි.

මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලදි.

එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ.

01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 රෝගීන් දැයි තහවුරු වන තෙක් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම.

02. කොරෝනා වෛරසය පිළිබද සිදුකරන පර්යේෂණ සහ නිර්ණායක පුළුල් කිරීම.

04.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල්වලට පැමිණෙන රෝගීන්  විශේෂිත වාට්ටුවල ප්‍රතිකාර ලබා දීම.

05. COVID -19 ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදෙන පුද්ගල ආරක්ෂිත උපකරණ ඇගළුම් වැනි දෑ රෝහල්වලට නිසි ක්‍රමවේදයට ලබාදීම.

06. කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කිරීම.

07. සායනික ප්‍රතිකාර සිදු කිරීමේ දී විශේෂඥ උපදෙස් ලබාගැනීම

මෙම යෝජනා අතුරින් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමක් ලෙස ජිවිත රක්ෂණ ක්‍රමයක් සකස් කරන යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවටත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබදව එම සංගමයට සෞඛ්‍ය අමාත්‍යතුමිය ස්තූතිය පළ කරන ලදි. අනෙකුත් යෝජනා ද කාලෝචිත යෝජනා බැවින් ඒ පිළිබද විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බවත්, කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙනම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අමාත්‍යතුමිය පැවැසීය.

මනා කළමණාකාරීත්වයකින්, අනාගත දැක්මකින් තීන්දු තීරණ ගැනීම පිළිබදව විශේෂඥ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යවරියට මෙහිදී විශේෂ ස්තූතියක් පළ කිරීම ද විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා, ලේකම් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියේය

news.lk

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img