තෙල් සහනය ප්‍රායෝගික නෑ- බදු නිසා ධිවර කරමාන්තය අනතුරේ …..


මේ වනවිට බහුදුන යාත්‍රා වලින් 50 % ක් පමණ වරායවල් තුල ගාල් කර ඇතිබවත් පොරොන්දුවූ පරිදි ධිවර ආම්පන්න සදහා පනවා ඇති බදු ඉවත් නොකලොත් දැනටමත් අපෙන් ගිලිහෙමින් පවතින මත්ෂ්‍ය අපනයන වෙළද පොල කඩාවැටී බහුදින ධිවර කර්මාන්තය දැඩි අර්බුධයකට ඇදවැටෙන බව සමස්ථ ලංකා බහුදින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන්මෙන්ඩිස් මහතා පැවසිය.
බහුදින ධිවර කර්මාන්තයේ වත්මන් තත්වය පිලිබදව අපකළ විමසුමකට පිළිතුරු දෙමින් තවදුරටත් කරුණු පැහැදිලිකල මෙන්ඩිස් මහතා.
රට මුහුණ දුන් ආර්ථික අර්බුධයත් සමග කඩාවැටුණු ධිවර කරමාන්තය නගාසිටුවීම සදහා අප සංගමය මැතිවරණ සමයේ සියලු දේශපාලන පක්ෂ සහ නායකයන් සමග සාකච්චා කළා අපගේ යෝජනා ඉදිරිපත් කලා තවමත් අපේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ දැඩි අසීරුතා මධ්‍යයේ .
බහුදින ධිවර යාත්‍රා සදහා ලබාදුන් ලීටරයකට රුපියල් 25 ක තෙල් සහනාධාරය ප්‍රායෝගික නැහැ අපි ඉල්ලා සිටින්නේ ධිවර කරමාන්තය මත පනවල තියෙන අධික බදු අඩුකරලා දෙන්න කියල.
සීෂෙල් මාලදිවයින 50 % ක ඩිසල් සහනාධාරයක් ලබාදෙනවා ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුයි අපිට ඔවුන්ගේ මිලගණන් සමග තරග කරන්න අමාරුයි ව්‍යාපාරිකයන් ඒ රටවල් වලින් මිලට ගන්නවා
තංගුස් කිලෝ එකකට 52.5 ක් බිලීකටු මුරිච්චි වලට 32 % ක බදු ලෝක වෙළද පොලට හොදම මාළු යවපු රට ශ්‍රී ලංකාව අපේ නිෂ්පාදන පිරිවැය වැඩිවෙලා.ඒවගේම කලින් දින 30 කට අඩුකාලයකින් නෙලාගත්ත මත්ෂ්‍ය අස්වැන්න ලබාගන්න සමහර අවස්ථාවලදී දින 60 ක් පමණ මුහුදේ රැදි සිටින්නට සිදුවනවා මේ නිසා මුලින් ඇල්ලු මාළු තත්වයෙන් බාලවෙනවා ඒ මාළු අඩුමිලට දේශීය වෙළද පොලට දෙන්න සිදුවෙනවා .
මේ වනවිට අඩි 59 බහුදින ධිවර යාත්‍රාවක එක මුහුදු ගමනකට ලක්‍ෂ 30 ත් 45 ත් අතර පිරිවැයක් දරන්න වෙනවා
ජපානය ඇමෙරිකාව වැනිරටවල් මාළු රංචු ගැවසෙන තැන් පිලිබදව නිවැරදි තොරතුරු ධිවර යාත්‍රාවලට ලබාදෙනවා අපට එවැනි නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැහැ.
ඉන්දුනීසියාවෙන් ආනයනය කල ඇමට ගහන ස්වාභාවික දැල්ලන් කිලෝ එකක මිල රුපියල් 400 සිට 800 දක්වා දෙගුණයකින් වැඩිවුනා . ආනයනික ඇම කිලෝ 1000 අරගත්තොත් ඇමට විතරක් ලක්‍ෂ 08 ක් වියදම් වෙනවා මේ දැල්ල වෙනුවට දැන් භාවිතා කරන්නේ කෘතීම ප්ලාස්ටික් දැල්ලෙක්.


එක් වරකදී බිලිකොකු 2000 ත් 2500 අතර ප්‍රමාණයක් මසුන් ඇල්ලීම සදහා යොදා ගන්නවා. මසුන් අහුනොවුනු බිලිකොකුවල ඉතිරිවන දැල්ලන මුහුදට දානවා ඒ දැල්ලන් ආහාරයට ගන්න මාළු එනවා ප්ලාස්ටික් දැල්ල නිසා ඒ තත්වය වෙනස් වෙලා ස්වභාවික දැල්ලා ඇමට ගැහුවම ටුනාට අමතරව සප්පරු කොප්පරා වැනි මසුන් අහුවෙනවා පලාස්ටික්දැල්ල ගැහුවම මේ මාළු ඒ ඇම කන්නේ නෑ මත්ෂ්‍ය අස්වැන්න අඩුවෙන්න මේ කරුනුත් හේතුවක්
ටුනා මසුන් ඇල්ලීමේදී ධීවරයා මුහුණ දෙන තවත් අභියෝගයක් තමයි බිලිකොකු වලට අසුවී සිටින මාළු මුල්ලන් රංචු පිටින් දියයටින් ඇවිත් ඔලුව විතරක් ඉතිරි වෙන්න කා දැමීම මේ මුල්ලන් එළවීම සදහා වැඩපිළිවෙලක් ඇතිකල යුතුයි ඒ සදහා ශබ්ද තරංග ඇතිකරන උපකරණ වැනි තාක්ෂණික උපකරණ හදුන්වා දීමට ඇති හැකියාව පිලිබදව සොයාබැලීම බලධාරීන්ගේ වගකීමක්

මිගමුව ධිවර වාරයේදී අපට මුණගැසුණු ලෝරන්ස් අයිවන් මහතා අපනයන සදහා මාළු සකස්කරන සමාගම් සදහා මාළු සපයන ව්‍යාපාරිකයෙක්.
ඔහුට අනුව ලැබෙන මාළු ප්‍රමාණය අපනයන ඉල්ලුමට ප්‍රමාණවත් නෑ ප්‍රමාණයක් වශයේ 22 % ක් පමණ වෙනවා .ලැබෙන මසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් හොදම තත්වයෙන් නෑ මෙනිසා ගෙවන මුදල අඩුකරන්න වෙනවා.
තහනම් පන්නක්‍රම යොදා ගැනීම පාලනය නොකිරීම මෙන්ම පරිසර දුෂනයත් මසුන් බෝවීම අඩුවීමට බලපානවා.
මාළු වැඩියෙන් අල්ලන්න නම් බෝවීම වැඩිකරන්න ඕන ඒ සදහා මත්ෂයන් බිත්තර දමන කාලවලදී මසුන් ඇල්ලීම තහනම් කිරීම.තහනම් දැල් භාවිතා කිරීම වැළැක්වීමට දැඩි නීති රීති හදුන්වා දීම අත්‍යවශ්‍ය කාරණයක්
ආර්ථික අර්බුදයත් සමග රුපියල් 200 ට 250 ට තිබුණු අයිස් හොන්ඩරය රුපියල් 600 දක්වා ඉහල ගියා විදුලිබිල අඩුවීමට සාපේක්ෂව අයිස් ව්‍යාපාරිකයන් අයිස් මිල අඩුකලේ නෑ අයිස්වල ප්‍රමිතියක් නෑ ධිවර කර්මාන්තය දියුණුකරන්න කෙටිකාලින වගේම දීර්ඝකාලීන සැලැස්මක් අවශ්‍යයි .

මෙහිදී හමුවූ නම හෙලිකිරීමට අකමැතිවූ ධිවර යාත්‍රාවක ස්කිපර් වරයකු සදහන් කල කරුණු අනුව ඉන්දීය ධීවරයන් තහනම් පන්නක්‍රම භාවිත කරමින් සිදුකරන හානියට සමාන හානියක් දකුණේ කදන්කොස් ක්‍රමය භාවිතා කරන ධීවරයන් විසින්ද සිදුකරනවා මේ දෙගොල්ලම මසුන් බෝවීම විනාශ කරනවා ලින්නා මසුන් ඇල්ලීම සදහා මෙම ක්‍රමය වැඩිවශයෙන් භාවිතා කරනවා .
මේ පන්න ක්‍රමයේදී දියසෙවෙල බැදුණු කොටයක් කබයක් දියමත පාවෙන්න සලස්වනවා එහි ඇති කෑම කෑමට කුඩා මාළු පැටවූ එනවා එම මාළු පැටවූ ආහාරයට ගැනීමට ඔවුන්ට වඩා ලොකු මාළු පැටවූ එනවා මේ අන්දමට අහාර දාම ක්‍රියාවලියක් සිදුවනවා මාළු එක්රැස්විමෙන් පසුව අතන්ගුවක් වැනි දැලකින් වටකර මසුන් අල්ලනවා මේ සදහා යොදාගන්නේ කුඩා සිදුරු සහිත දැලක් මෙම පන්නක්‍රමයෙදී විශාල වශයෙන් මාළු පැටවූ විනාශ වෙනවා ඉන්වැඩි කොටසක් ටුනා මත්ෂ්‍ය පැටවූ අදාළ බලධාරීන් මේ පන්නක්‍රමය භාවිතා කරන අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකිරීමට කාලයක් තිස්සේ දකුණෙන් ධිවර ඇමතිවරු පත්වීමත් හේතුවක් උනා.

 

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img