මුදල් කමිටුවේ නිර්දේශ නෑ ලක්‍ෂ 72 ක් ගෙවීමට ගෙනා හදිසි යෝජනා ඉවතට

මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවේ  නිර්දේශය නොමැතිව 12 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස මාසික මහා සභා රැස්වීමට ඉදිරි පත්කළ යථාපරිදි කල් නොදුන් යෝජනා 5 ක් විපක්ෂයේ විරෝධතාවය හමුවේ  ඉවත්කර ගැනීමට සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය තීරණය කළේය.

පළාත් සභා ආධාර යටතේ සහ සභා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති හතරක් සහ කසල කළමනාකරණය සදහා මිලදීගත් බ්‍රේල් යන්ත්‍රයට  ගෙවිය යුතු   රුපියල් 7231012.67 ක මුදලක් ගෙවීම සදහා  වන   මෙම යෝජනා  සභාපති විසින්  යථාපරිදි කල් නොදුන් යෝජනා ලෙස ඉදිරිපත් කරනු ලැබිය.

මෙම යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී මුදල් කමිටු සාමාජිකයෙකු වන සර්වජන බලය පක්‍ෂයේ ප්‍රවින් චමෝද මන්ත්‍රීවරයා යෝජනාවේ මුදල් කමිටුවේ නිර්දේශය ලබාගෙන ඇතිබවට වන සදහන නිවැරදි නොවන බව සදහන් කිරීමත්  සමග මන්ත්‍රීවරු යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතර  සභාව උණුසුම් මුහුණුවරක් ගත්තේය.

මෙවැනි වැදගත් යෝජනා මන්ත්‍රීවරුන්ට අධ්‍යනය කිරීම සදහා න්‍යායපත්‍රය සමග ලබාදීම කලයුතු බවත් හදිසියේ කමිටු තබා වාර්තා නොමැතිව  යෝජනා ඉදිරිපත් කිරීම වැරදි වැඩක් බවත් මුදල් කමිටු සාමාජිකයෙකු වශයෙන් තමන් 2025.09.08 දින පැවති මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවට සහභාගී වුවත් නිර්දේශ සහිත    වාර්තාව මේ වනතෙක් අත්සන් තැබීම සදහා  ඉදිරිපත් නොවුබව  බව  මහා සභා රැස්වීමෙන් පසු මාධ්‍ය විසින්  සිදුකල වැඩිදුර කරුණු විමසීමේදී  පැවසිය.

සමගි ජනබල වේගයේ   ලසන්ත දීපාල්  මහතා ඇතුළු මන්ත්‍රීවරුන් යෝජනාව සම්බන්ධයෙන් සිදුකල කරුණු දැක්වීමවලින් අනතුරුව නිත්‍යානුකුල ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම යෝජනා නැවත ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ  සභාපති    ඉරේෂා ජයකොඩි  මහත්මිය යෝජනා ඉවත්කර ගැනීමට කටයුතු කළේය.

සබැදි කරුණු

මන්ත්‍රීවරුන්‌ගේ විරෝධයක් නිසා කටාන ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් වෙයි

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img