හිටපු කෘතහස්ත දේශපාලඥයකු වන මහතාගේ 13 වන ගුණසමරුව මිගමුව විජයපාල මෙන්ඩිස් ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී 18 දින සවස පැවත්විණි.
මහා සංඝරත්නය විජයපාල මෙන්ඩිස් මහතාගේ දරු මුනුරන් හිතවතුන් සහ හිටපු කතානායක දේශමාන්‍ය කරුජයසුරිය මහතාගේ සහභාගිත්වයෙන් මෙම ගුණ සමරු උත්සවය පැවැත්විණි
මාධ්‍යවේදී ග්‍රන්ථ කතුවර මහින්ද ආරියවංශ මහතා විසින් රචිත විජයපාල මෙන්ඩිස් චරිතාපදානය මහා සංඝරත්නය සහ විජය පාල මෙන්ඩිස් මහතාගේ දියණියක වන මනෝරි මෙන්ඩිස් මහත්මියට පිලි ගැන්වීමද මෙදිදී සිදුවිය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා සමරු දේශනය පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් සහ දේශමාන්‍ය කරුජයසුරිය මහතා ද උත්සව සභාව අමතනු ලැබීය.
විජයපාල මෙන්ඩිස් ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානධිපති දෙල්වල අංගීරස නාහිමිපාණන්ගේ අනුශාස කත්වයෙන් මෙම ගුණ සැමරුම සංවිධානය කර තිබිණි.






