පිටිපන ලෙල්ලම – එක්සත් ධීවර සමිතියේ අපෑල විසි වෙයි….

මීගමුවේ ලෙල්ලමට දිසා අධිකරණයෙන් දුන් නියෝගය සිවිල් අභියාචනා මහාධිකරණයත් ස්ථිර කරයි

මීගමුව “ලෙල්ලම” මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය පරිපාළනය සහ කළමණාකරණය කිරීම සඳහා දේපළ භාරකරුවෙකු පත්කරන ලෙසට මීගමුව දිසා අධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගය අද (2025 දෙසැම්බර් 19) දින මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ද ස්ථීර කරන ලදී.

තමා හට අයත් “ලෙල්ලම” ධීවර වෙළඳ මධ්‍යස්ථානය පවත්නාගෙන යන දේපළ සම්බන්ධයෙන් වන නඩුකරයක් අසා නිමවන තෙක් අදාල දේපලේ කළමණාකරණය සඳහා දේපළ භාරකරුවෙකු පත් කරන ලෙසට කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මීගමුව දිසා අධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගයකට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් වූ පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන අය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයට අවසර ගැනීමේ ඉල්ලීමක් නිශ්ප්‍රභා කරමින්, මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරුන් වන රාමනාදන් කන්නන් මහතා සහ යුවෝන් ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

විත්තිකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ෂර්ලි අමරසේකර මහතාගේ උපදෙස් මත නීතීඥ නලීන් සමරකෝන් සමඟ නීතීඥ චතුර ගල්හේන මහතා පෙනී සිටින ලදී.

පැමිණිලිකාර – වගඋත්තරකාර කොළඹ අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් නීතීඥ ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත නීතීඥ ඉන්දික බණ්ඩාර අබේකෝන්, ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර යන මහත්වරුන් සමඟින් ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටි

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img